Colombo Today Local News

ජනතා මුදල් තමන්ගෙ වගේ වියදම් කරන්න විලි ලැජ්ජාවක් නැද්ද මරික්කාර්?

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් විසින් කොලොන්නාව ප්‍රදේශයේ යෝධ සංවර්ධනයක් සිදු කල බව පවසමින් වීඩියෝවක් අන්තර්ජාලයට මුසුකර තිබෙනවා. එහි සඳහන්වෙන අන්දමට අබලන්ව තිබූ ලෝ ලෙවල් මාර්ගය සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 85000ක මුදලක් සොයාගෙන ඇත්තේ SM මරික්කාර් විසින්ය. පාසල්වල බෞතික පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 1380ක් වියදම් කර ඇත්තේ මන්ත්‍රී SM මරික්කාර්ය. විහාරස්ථාන 47ක් සංවර්ධනයට මුදල් ලබා දී ඇත්තේද SM මරික්කාර් මන්ත්‍රීවරයාය.

ඉහත කරුණු මෙන්ම තවත් බොහෝ කරුණු සඳහන් කරමින් තමන් පිම්බෙන්නට උත්සහ කරන SM මරික්කර්ගෙන් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්….

  1. 2015 පාර්ලිමේන්තුවට  පත්වූ ඔබතුමා කොළඹ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් පුද්ගලික මුදල් කොපමණ ප්‍රමාණයක් වියදම් කර ඇද්ද?
  2. පාර්ලිමේන්තුවෙන් ඔබ ලබාගත් මන්ත්‍රී වැටුප් හා දීමනා වල වටිනාකම කොපමණද?
  3. 2015 සිට මේ දක්වා පාර්ලිමේන්තුව රැස් වූ දින ගණන කොපමණද? එම රැස්වීම් වලින් ඔබතුමා සහභගිවූ රැස්වීම් ගණනකොපමණද?

අහිංසක ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තුවෙන SM මරික්කාර් කොලොන්නාව ජනතාව ගොනාට අන්නදන්නට උත්සහ කලත් එය සාර්ථක නොවන බව එම සංවිධානය පෙන්වා දෙනවා.

2015 මැතිවරණයට පෙරදී කොලොන්නාව කුණු කන්ද මාස තුනක් ඇතුලත ඉවත්කරන බවට පම්පෝරි ගැසූ මරික්කාර් ප්‍රදේශයේ ජනතාව එම කුණු කන්දට යටවී මෙයෙන තුරු උඩ බලාගෙන සිටියාදැයි කොලොන්නාව ජනතාව අද ප්‍රශ්නකර සිටිනවා.

මීතොටමුල්ලේ මරණ 19 දක්වා ඉහළ යයි.. සාගලට, මරික්කාර්ට විරෝධය

පසුගිය දරුණු ගං වතුර අවස්ථාවේදී දැඩි ජාතිවාදියෙකු ලෙස කටයුතු කල මරික්කාර් සිංහල ජනතාවට උදව් නොකොට මුස්ලිම් ජනතාවට පමණක් උදව් කිරීම පිලිබදව දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්වුවේක්.

මරික්කර්ගේ හිතේ සිංහලයන් නෑ – මිනිස්සු අත වනද්දී මුස්ලිම් ජනතාව විතරක් බේරාගෙන  

මීට මාස කිහිපයකට ඉහතදී උද්ඝෝෂණය කල අහිංසක තෙල් සේවකයන්ට මරික්කර්ගේ මැරයන් පහරදුන් බවටද චෝදනා එල්ලවිය

පොලීසිය බලා සිටියදීම මැරයෝ පොලු මුගුරුවලින් තෙල් සේවකයන්ට පහරදුන් හැටි (Video)

කොලොන්නාව ජනතාවට සේවය කරනු කෙසේ වෙතත් අඩුම තරමින් ප්‍රදේශයේ ජනතාව ගැන කතා කිරීමටවත් හරිහැටි පාර්ලිමේන්තු නොයෙන මන්ත්‍රීවරයෙක් ලෙස ඔහු කප් ගසුවෙක්.

අදාළ පම්පෝරි වීඩියෝව ….

 

Related posts

අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Admin

උතුරේ සේවයට දෙමළ පොලිස් නිළධාරීන් 400 ක් බදවා ගැනේ

colombotoday

පානදුර ඝාතනයේ සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

කොටි සොහොන් බිමක් හදන්න රජයේ මුදල් ලක්ෂ 40ක් වෙන් කෙරේ !

colombotoday

රජයේ ප්‍රධාන මාධ්‍ය නාලිකාවක සාමාජිකයෙකුටත් කොරෝනා

colombotoday

නසීර් අහමඩ්ට එරෙහිව ත්‍රිවිධ හමුදාව කෙළින් හිටගනී.. හමුදා කදවුරක් අහලකටවත් වද්දා ගැනීම තහනම්

colombotoday