Colombo Today Local News

උතුරේ සේවයට දෙමළ පොලිස් නිළධාරීන් 400 ක් බදවා ගැනේ

sl poloiceඋතුරු පළාතේ සේවය කිරීම පිණිස දෙමළ ජාතික පොලිස් නිළධාරීන් 400ක් බදවා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන් සම්මුඛ පරීක්ෂණය හෙට 11 වව්නියාව ගාමිණී මහා විද්‍යාලයේදී පැවැත්වෙන් බව වවුනියාව ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත වික්‍රමසිංහ මහතා පවසයි.

විවිධ රාජකාරී ඉටුකරගැනීම සදහා උතුරේ පොලිස් ස්ථාන වෙත පැමිණෙන දෙමළ භාෂාව පමණක් කතා කරන මහජනතාවගේ පහසුව පිණිස, පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් සේවයට දෙමළ නිළධාරීන් පිරිසක් බදවා ගන්නා දෙවන අවස්ථාව මෙයයි.

මේ අතර උතුරු පළාතේ සිටින සිංහල පොලිස් නිළධාරින් වෙනුවෙන් දෙමළ භාෂාව පිළිබද පාඨමාලාවන්ද කි‍්‍රයාත්මක වෙමින් පවතින අතර එවැනි කණ්ඩායම් රැසක් උතුරු පළාතේ පොලිස් ස්ථානවල සේවයේ නිරත වෙති.

Related posts

SLS නැතිව ඩොලර් 2,391,388.95 ක දුඹුරු සීනි ගෙන්වලා

colombotoday

බැඳුම්කරයෙන් ඊපීඑෆ් එකට කෝටි 1400ක පාඩුවක්‌

colombotoday

දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හම්බෙන ගාණ මට හම්බෙනවද.. නෑනේ

colombotoday

එජාප අතහැර බදුර්දීන් තනිවම මහමැතිවරණයට !

colombotoday

කෝප් කමිටුව ගිනි ගනියි – හොරු රකින්න එජාපයෙන් වෙනම වාර්තාවක්

colombotoday

ජපන් භාෂාව පළමු වසරේ සිට පාසල් විෂය මාලාවට එක්වෙයි

Admin