Colombo Today Local News

“කුමක් කරන්නත් ජීවත් විය යුතුයි නේද“ මහා නාහිමියන්ගෙන් විමල්ට ලිපියක් !

මාරාන්තික උපවාසය අත්හරින්නැයි ඉල්ලමින් රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානෙ පේමසිරි මහා නාහිමි, සහ මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වෙත ලිපි යොමු කර තිබේ.

ක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති නාහිමි ඇතුළු මහා සංඝරත්නය අද(30) ජාතික රෝහලේ වාට්ටු අංක 45හි රඳවා සිටින විමල් වීරවංශ මහතාට සෙත් පිරිත් සජ්ඣායනය කිරීමෙන් අනතුරුව ඉහත කී මහානාහිමිවරුන්ගේ ඉල්ලීම් රැගත් ලිපි භාර දුන්හ.

ඉන් අනතුරුව මහා නාහිමියන්ගේ ඉල්ලීමට ගරු කරමින් විමල් වීරවංශ මහතා උපවාසය අත්හැරිමට එකග වූ බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

Related posts

දුම් බද්දෙන් ත්‍රී රෝද රථ/යතුරුපැදි නිදහස්

colombotoday

මහින්ද වෙනුවට මංජු ලලිත් දිවුරුම් දෙයි

colombotoday

ගජමුතු විකුණන්න ගිය 2ක් පොලිස් දැලේ

colombotoday

දිවයිනේ රෝහල් රැසක ලේ මාරු කරන යන්ත්‍ර අක්‍රීය වීමෙන් රෝගීන් මැරි මැරී යනවා…

Admin

මැලේසියා තානාපතිට පහරදුන් “කෙලෙහි මුහිලන්“ මෑතදී මෙරටින් නිදහස් කළ කොටි සැකකරුවෙක් !

colombotoday

බුදු දහමට අපහාස කළ තව්හිද් ජමාත්ට සමාව නොලැබෙයි… අන්තවාදී වැඩ තවම නවත්වා නැහැ

colombotoday