Colombo Today Local News

රතන හිමිගේ අලුත් විප්ලවය හෙට ඇරඹෙයි !

හෙට දිනයේ සිට විප්ලවයක් අරඹන බව අතුරලියේ රතන හිමියන් පවසයි. “තිරසර ලංකා“ ජාතික මහා මංගල්‍ය හා ප්‍රදර්ශණය පිළිබදව අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රතන හිමියෝ මේ බව පැවසූහ.

“අපි මූලික වශයෙන්ම මේ කරන්න යන්නේ එක්තර දුරකට… නෙමෙයි සමස්ථ විප්ලවයක්. මොකක්ද මේ විප්ලවය? අවි ආයුධ නැතිව අහිංසාවාදයෙන්, උද්ඝෝෂණ පෙළපාලි නැතුව, කාගේත් සම්මුතියෙන් කළ හැකි කටයුත්තක්,” යැයි රතන හිමියෝ මෙහිදී පැවසූහ.

මෙම වැඩසටහන තුළින් ප්‍රථමයෙන් ම මිනිසුක් ගේ හදවත් වල වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවද එහිමියෝ වැඩිදුරටත් පැවසීය.

මාර්තු 31 සිට අප්‍රේල් 01 ,02, 03, 04 දිනයන්හි පෙරවරු 9.00 සිට රාත්‍රි 10.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේදී  පැවැත්වීමට නියමිත මෙම ජාතික මංගල්‍යයට සහභාගී වීම සඳහා කිසිදු ගාස්තු අයකිරීමක් නොමැති අතර ප්‍රදර්ශන කුටි 700කින් සමන්විතය. වස විස නැති වෙළද හා අධ්‍යාපන ප්‍රදර්ශනය, විද්වත් සංවාද, සෞඛ්‍ය සායන, කලා ප්‍රසංග හා හරිත රැකියා පොළ ආදී දේ සදහා මෙහිදී එක්විය හැකිය.

අද පැවති මාධ්‍ය හමුවට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ සහ ජනාධිපති කාර්යාලයේ උපාය මාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනයේ සභාපති අශෝක අභයගුණවර්ධන යන මහත්වරුන් ද සහභාගී වූ අතර, මාධ්‍ය හමුවේ සම්පූර්ණ වීඩියෝ පටය පහත දැක්වේ.

[fbvideo link=”https://www.facebook.com/ThirasaraLanka/videos/408877129489209/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

“අපි දෙන්න දැන් හොදට ගැළපෙනව“ – රතන හිමි සමග රාජිතත් එක්වෙයි

colombotoday

සුව දුක් බලන්න ගිය නිපුණට මාතර දී විරෝධයක්

colombotoday

සුමන්තිරන්ට අලුත් තනතුරක්…

colombotoday

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම්

colombotoday

පොහොට්ටුවට සහය දීමට බැරිනම් ගමේ ආණ්ඩු එජාපය සමග හවුලේ බෑ..  ශ්‍රීලනිප ඇමතිලා ජනපතිට දන්වයි

colombotoday

මුලතිව්, කෝපාපිලව් ප්‍රදේශයෙන් හමුදාව ඉවත් වේ

colombotoday