Colombo Today Local News

පොහොට්ටුවට සහය දීමට බැරිනම් ගමේ ආණ්ඩු එජාපය සමග හවුලේ බෑ..  ශ්‍රීලනිප ඇමතිලා ජනපතිට දන්වයි

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දැක්වීමට නොහැකිනම්, කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂය සහයෝගය ලබා නොදෙන්නැයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු පිරිසසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා එක්සත් ජාතික පක්ෂයට රටේ ජනතාවගේ පවතින විරෝධය පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තහවුරු වූ බවත් සභාවල බලය පිහිටුවීමේදී එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්වුවහොත් පවතින ජනතා විරෝධය තවදුරටත් තීව්‍ර වනු ඇති බවත් මෙම පිරිසගේ අදහසවී ඇත.

එසේ වුවහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති පළාත් සභා මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවතින තත්ත්වය හෝ ආරක්ෂා කර ගැනීමට නොහැකිව ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට පහසු ජයග්‍රහණයක් අත් කර ගැනීමට හැකි වන බව ද මොවුහු පෙන්වා දෙති.

එම නිසා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට සහයෝගය දැක්වීමට නොහැකි නම්,ඒ ඒ පළාත් පාලන ආයතනවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීනව කටයුතු කරන ලෙස ද මෙම මැති ඇමැතිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය.

Related posts

එජාපයේ අපි දුන් පොරොන්දු වලින් 80% ඉටුකර අවසන්…

colombotoday

කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි

colombotoday

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අවසන් පන්දුවාර 20යි 20 තරගය අද

Admin

දකුණේ නීතිය උතුරට නෑ.. යාපන සරසවිය ගැටුම ගැන ආණ්ඩුව දෙබිඩි පිළිවෙතක – ගම්මන්පිල

colombotoday

ජනපති මැදිහත් වී බස් වර්ජනය තාවකාලිකව නවත්වයි

colombotoday

අනියම් පෙමක් නිසා මන්නා පහර කෑ පියා-මව-දියණිය රෝහලේ…

Admin