Colombo Today Local News

දකුණේ නීතිය උතුරට නෑ.. යාපන සරසවිය ගැටුම ගැන ආණ්ඩුව දෙබිඩි පිළිවෙතක – ගම්මන්පිල

udaya gammanpilaයාපන සරසවියේ දී දෙමළ ජාතිවාදීන්ගේ පහරදීම් වලින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන සිසුවාගේ සුව දුක් සොයා බැලීම සදහා පැමිණි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

යාපන සරසවියේ තිත්ත ඇත්ත

අද දින අපි කොළඹ ජාතික රෝහලට පැමිණියේ යාපන විශ්වවිද්‍යාලයේ සිදුවු ප්‍රහාරයෙන් තුවාල ලද සිසුවාගේ සුව දුක් විමසා බැලීමටත් අනෙක් දරුවන් සමග ඒ අයගේ ප්‍රශ්නය ගැන කතා කරන්නත්. ඊයේ ආණ්ඩුව බොහොම ආඩම්බරයෙන් කිව්වේ ඔවුන් මේ ප්‍රශ්නය විසදුව, ඒ වගේම විනය ක්‍රියාමාර්ග ගැනීමට විශ්වවිද්‍යාල බලධාරීන්ට පැවරූ බවයි. නමුත් ඒ විසදීම නම් හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්.

මේ සිංහල සරසවි සිසුන්ට පහරදුන් දෙමළ සිසුන් පිටුපස අනිවාර්යෙන්ම විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති සත්ගුණ රාජා මහතාගේ හස්තය තිබෙනවා. ඔහුගේ හැසිරීම බරපතල ලෙස මේ සිදුවීමට හේතු සාධක වෙලා තියෙනවා. එතුමන්ගේ නම සත්ගුණ රාජා උනත් සත්ගුණවත් බවක් නම් එතුමන්ට තිබිල නෑ. අපේ දරුවන්ට ඉතාම අමාණුෂික විදිහටයි කටයුතු කරල තියෙන්නේ. මේ සිදුවීම ඔහුට විසදීමට හැකියාව තිබියදීත් ඔහු මැදිහත්ව සාධාරණ විසදුමක් දීමට කටයුතු කර නැහැ.

අනෙක් පැත්තෙන් සිංහල සිසුන්ට දෙමළ අන්තවාදීන් පහර දෙද්දී ගුරුවරුන් නිහඩව බලා සිටියා මිසක අඩුම තරමින් පොලීසිය ගෙන්වන්න වත් කටයුතු කර නැහැ. මෙවැනි පාලකයන්ට යලි මේ ප්‍රශ්නය විසදීමට භාරදීම හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක්.

අපිට මතකයි අනික් විශ්ව විද්‍යාල වල ප්‍රශ්න ඇති උනාම විනය ක්‍රියාමාර්ග ගන්න කියල දැනුම් දීමක් කලේ නෑ. නමුත් මේ දරුවට මරණීය තුවාල සිදු කර තිබෙනවා. මේ මොහොතේත් ඒ දරුවා සැත්කමකට භාජනය කරලයි ඉන්නේ. මෙවැනි බරපතල තුවාල සිදුකලාටය පස්සේ විනය ක්‍රියාමාර්ග ගන්නව කියන්නේ විහිළුවක්. විනය ක්‍රියාමාර්ගයකින් දිය හැකි උපරිම දඩුවම විශ්ව විද්‍යාල ශිෂ්‍ය භාවය අහෝසි කිරීම. දණ්ඩ නීති සංග්‍රහයට අනුව මෙය දඩුවමක් නෙමෙයි.

ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා තව දුරටත් ජනතාව රවටන්නේ නැතුව සැබෑ සන්හිදියාවක් බලාපොරොත්තු වෙනවනම් සැබෑ ජාතික සමගියක් මේ ආණ්ඩුවට අවශ්‍යනම් වැරදි කරුවන්ට කොන්දක් තියෙන ආණ්ඩුවක් විදිහට නීතිය ක්‍රියාත්මක කරන්න.අපි කියන්නෑ දෙමළ අයට අසාධාරණයක් කරන්නවත් සිංහල අයට පක්ෂක් ග්‍රාහී වෙන්නවත් කියල. අපි කියන්නේ සැමට එකසේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි.

යාපනය මුදාගැනීමට ජීවිත පුජා කරපු අත්පා ඇස් කන් පුජා කරපු රණවිරුව්නට දක්වන ගෞරවය තමයි අද දකුනේ ක්‍රියාත්මක නීතිය යාපනයේත් ක්‍රියාත්මක කිරීම.

මේක අද ඊයේ යාපන සරසවියේ ඇති උනු ප්‍රශ්නයක් නෙවෙයි. මේක පසුගිය පසුගිය වසර දෙක පුරාම යාපන සරසවියේ සිංහල දරුවන්ට බරපතල පීඩනයක් විශ්ව විද්‍යාල පාලකයන් කථිකාචාර වරුන්ගෙන් එල්ල වෙලා තියෙනවා. වෙසක් උත්සවය සැමරීමේදී පවා මේ දරුවන්ට කෙණහෙළිකම් කර තියෙනවා. මේ දරුවන්ට සිදුවන අසාධාරණ කම් පිළිබදව කතාකරන්න ගිය සමහර ශිෂ්‍ය නායකයන්ගේ වසර තුනේ උපාධිය වසර පහක් දක්වාවත් ලබාගනන් බැරි තත්වයක් ඇතිකරල තමයි මේ දරුවන් නිහඩ කරල තියෙන්නේ.

අද මේ දරුවන් මාධ්‍ය ඉදිරියට ඇවිත් කතා කරන්න බයයි තමන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල වෙයි කියල. අපි රජයට අවධාරනය කරනවා වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඊයේ අලවපු පැලැස්තර විසදුම අපි පිළිගන්නෑ. මේ දරුවන්ට ආරක්ෂාව සලසන්න රජයට බැරිනම් , යාපනය කියන්නේ සහජීවනය නොදන්න තැනක් නම් ඒක ලෝකෙටම පෙන්නල මේ දරුවො ටික වෙනත් විශ්ව විද්‍යාලයකට ගෙනල්ල ඔවුන්ට ආරක්ෂිතව අධ්‍යාපනය ලබන්න ඉඩ සලස්වන්න කියල අපි රජයට කියනවා.

පසු ගිය ජනාධිපති වරණය සමයේ සිරිසේන මහතා ජනපති උනොත් අපි ආණ්ඩුවේ සිටින තුරා සිංහල ජනතාවට අසාධාරණයක් වෙන් අපි ඉඩ තියන් නෑ කියමින් පුවත්පත් වල පිටු පුරා දැන්වීම් දාපු පිරිස් අද කියනවා රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා. ඒ අයට බලය දුන්නේ අපි ට නීතිය කියාත්මක කරන්න ද? මේ රටට ජාතියට කල අපරාධයට ඒ අය සමාව ගත යුතුයි. නැත්නම් ජනාධිපති වරණයේදී පොරොන්දු වූ ආකාරයට සිංහල ජනතාවගේ ආරක්ෂාව සැලසීමේ වගකීම ඔවුන් කරට ගත යුතුයි. නැතිනම් මේ සිදුවීමේ වගකීම භාර අරගෙන ඇමති මස්කටු සූප්පු කිරීම වහාම අත් හල යුතුයි.

අරවින්ද අතුකෝරල

Related posts

යශෝධ රංගේ බණ්ඩාර රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

සෙනසුරාදා සිට අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවිය හැකියි

colombotoday

මුරලිගේ ප්‍රකාශයට ගෝඨාභයගෙන් මල්, මනෝ ගනේෂන්ගෙන් ගල්…

colombotoday

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

colombotoday

“සංහිදියාව ඉතා හොදයි.. ත්‍රස්ත පනත අහෝසි කර උතුරින් හමුදාව ඉවත් කරමු” ඊළාම් ඩයස්පොරාව

colombotoday

පොහොට්ටුවට බලය හිමි පළාගල අයවැය පරාදයි

colombotoday