Colombo Today Local News

ගජමුතු විකුණන්න ගිය 2ක් පොලිස් දැලේ

ගජමුතු දෙකක් රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සැරසුණු සිව් දෙනකු මහනුවර නගරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

යුද හමුදා බුද්ධි අංශයට ලැබුන තොරතුරකට අනුව පොලිස් විශේෂ අපරාධ අංශයේ සහය ඇතිව වැටලීම සිදුකොට සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් උපාය දූතයන් යොදා ගජමුතු දෙක මිලදී ගැනීම සඳහා සැරසෙන මුවාවෙන් ගජමුතු දෙක සහ සැකකරුවන් හතර දෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 සහ 26 වයසේ පසුවන මහනුවර කිරිබත්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

ගජමුතු 2 දෙක මොණරාගල ප්‍රදේශයෙන් තමන්ට ලැබුණු බව සැකකරුවන් පොලිසියට පවසා තිබේ.

Related posts

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී මල්ලිකා පිලපිටිය අභාවප්‍රාප්ත වෙයි

colombotoday

තවත් පැය 24ක් ඇතුලත 625ක් අත් අඩංගුවට

Admin

වහාම ක්‍රියාත්මකවන පරිදි අරලිය ගහ මන්දිරයේ සේවකයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවයි

colombotoday

“රොහින්ග්‍යා ත්‍රස්ත හිතවාදීන් මහා බොරුවක් මවනවා.. මුස්ලිම් සංහාරයක් නෑ” – අවුන්සාන් සූඛී

colombotoday

වන්දි අරගෙන ගොවීන් කන්නේ සල්ලිද?

colombotoday

නි.පොලිස්පති නාලකගේ තවත් හඬපට රහස් පොලීසියට… පොලිස්පතිගේ නමත් කියවෙයි…

colombotoday