Colombo Today Local News

22ට එරෙහි පෙත්සම් නවයේ විභාගය අවසන්…තීන්දුව කතානායකට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කොට තිබූ පෙත්සම් නවයේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබදව තීන්දුව ඉදිරියේදී කතානායකවරයාට යොමු කරන බව අද ප්‍රකාශ කර ඇත.

මේ පිළිබදව ලිඛිත දේශන ඇතොත් ලබන (24) බදාදා සහ (25) බ්‍රහස්පතින්දා යන දිනයන්හි ගොනු කරන ලෙසට පෙත්සම්කරුවන්ට දැනුම් දී තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් අද (23)දින සැලකිල්ලට ගැණීනි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එය විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු නවදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 09 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (23)දින විභාගයට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

මෙම පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි නිතිපති ජනාධිපති නිතීඥ සංජය රාජරත්නම් මහතා ප්‍රකාශ කළේ, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි වගන්තීන් මගින් ජනාධිපතිවරයාගේ බලතලවල ඛාදනය වීමක් සිදු නොවන බවත්, මෙමගින් සිදුවන්නේ ජනාධිපතිවරයාගේ බලය සීමාවක් වීම පමණක් බවත්ය.

Related posts

සමරිසි ආලය පිහි ඇනුමකින් කෙළවර වෙයි…

colombotoday

ඔමික්‍රෝන් ප්‍රභේදය සුළු කොට තකන්න එපා.. WHO අනතුරු අඟවයි

colombotoday

බැදුම්කර බෑණා මහබැංකුව සමග තවමත් ගණුදෙණු.. කෝප් සභාපතිගේ අපේක්ෂා භංග වෙයි !

colombotoday

රණවිරු පවුල්වලට කිසිවක් ලැබී නෑ – “ඒකාබද්ධ විපක්‍ෂයේ වැටුප රණවිරුවන්ට” මාධ්‍ය සංදර්ශනයක්ම පමණද?

colombotoday

රුපියල ඓතිහාසික බාල්දුවක.. ඩොලරයි රු 174 පසු කරයි…

colombotoday

ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන් ‘සයිටම් විරෝධී‘ දොස්තරලායි.. ඔවුන් වහාම මර්ධනය කළ යුතුයි

colombotoday