Colombo Today Local News

තිස්සට එජාපයෙන් යළිත් ඇරයුම් !

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ‍ලේකම් තිස්ස අත්තනායකට නැවත පක්ෂයට එක්ව මහ ‍ලේකම් ධුරය භාරගන්නාලෙස වත්මන් මහ ‍ලේකම් කබිර් හෂීම් ඉල්ලා ඇත.

පසුගිය ජනපතිවරණය අවස්ථාවේදී ව්‍යාජ ‍ලේඛනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි දීමට කබිර් හෂීම් අධිකරණයට පැමිණි අවස්ථාවේදී මෙම ආරාධනය කර තිබේ. නැවත වරක් මහ‍ලේකම් ධුරය භාරගෙන එහි කටයුතු කරන ලෙසට කළ ආරාධනයට තිස්ස අත්තනායක සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇතැයිද ආරංචි මාර්ග පවසයි.

එහෙත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ සඳහා අවසන් එකඟතාවක් මේ වන තෙක් දී නැතැයිද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

සංජය නල්ලපෙරුම

Related posts

අන්තරේ විරෝධතාවකට අධිකරණයෙන් නියෝගයක්

Admin

දියතලාව ගුවන් හමුදා කදවුරේ පිපිරීමක්…

colombotoday

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට සහභාගී වු තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

කබ්රාල් අස්වීමේ ලිපිය සදුදා බාරදෙයි

colombotoday

ශ්‍රී ලාංකික පර්යේෂිකාවක් අධි තාක්ෂණියෙන් යුතු ත්‍රිත්ව ලෝහ වෙඩි නොවදින නව ඇඳුමක් නිර්මාණය කරයි.

colombotoday

යකඩ පෙනහළු මිනිසා දිවිගමනට සමු දේ

Admin