Colombo Today Local News

අන්තරේ විරෝධතාවකට අධිකරණයෙන් නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹ දී අද (10)දින සංවිධානය කර ඇති විරෝධතාවකට අදාළව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, උද්ඝෝෂකයින්ට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, අගමැති කාර්යාලයට, ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය නිකුත් කර තිබේ.

රාජ්‍ය නිලධාරීන්ට අයුතු අවහිරයක් සිදුනොකරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා මහජනතා‍වට ද අයුතු අවහිරයක් සිදුනොකරන ලෙස උද්ඝෝෂකයින්ට සිය නියෝගය මඟින් දන්වා සිටි.

කෙසේ වෙතත් සාමකාමී උද්ඝෝෂණ සිදුකළ හැකි බවට ද දන්වමින් මහෙස්ත්‍රාත්වරයා අධිකරණ නියෝගය උද්ඝෝෂණකරුවන්ට භාර දෙන ලෙස කොටුව පොලීසියට නියෝග කර ඇත.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු විතානගේ මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇති අතර අධිකරණ නියෝග කඩ කරමින් කටයුතු කරන උද්ඝෝෂකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

කොටුව පොලීසිය බී වාර්තාවක් මඟින් උද්ඝෝෂණ හේතුවෙන් සිදුවන මහජන පීඩාව සම්බන්ධයෙන් අධිකරණයට සිදුකළ කරුණු දැක්වීමට අනුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇත.

Related posts

ජාත්‍යන්තරයට යන නිල් කටරොළු

Admin

ආණ්ඩුවට එරෙහිනම්, ජවිපෙ සාමාජිකයන් උද්ඝෝෂණ කළ යුත්තේ ජවිපෙ මූලස්ථානය ඉදිරිපිටයි…

colombotoday

මළ මිනී ඇවිද්දවන බෙහෙත් වට්ටෝරුව….

colombotoday

මුද්‍රා මකා අලෙවියට සුදානම්කර තිබූ කුණු බිත්තර ගබඩාවක් වටලයි

Admin

කොළඹ විශ්ව විද්‍යාලයට නව උප කුලපතිවරයෙක්

colombotoday

මැතිවරණ කොමිසම අද රැස්වේ

colombotoday