Colombo Today Local News

කොළඹ විශ්ව විද්‍යාලයට නව උප කුලපතිවරයෙක්

කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිධූරය සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා පත්කරනු ලැබ ඇත.

එහි වත්මන් උපකුලපතිනි මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මියගේ ධූර කාලය ලබන අප්‍රේල් මස අවසන්වීමට නියමිත බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම සිදුකර තිබේ.

මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මියගේ ධූර කාලය අවසන්වීමෙන් පසු මහාචාර්ය කරුණාරත්න මහතා එම ධූරයට පත්වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි..

‍මහාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු ද වේ.

Related posts

දූෂණ මර්ධනය වෙනුවට දූෂණ වර්ධනය ! දූෂණ මර්ධන කාර්යාලය වසා දැමූ හේතුව මෙන්න..

colombotoday

බදු වැඩි කිරීම ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

රනිල් බබා අකිල බබාගේ ටැබ් එක ඔබන විත්තිය අපි දන්නවා – රෝහිත අබේගුණවර්ධන

colombotoday

කරුණා අම්මාන් ප්‍රකාශ ලබා දීම සඳහා CIDයට පැමිණෙයි

colombotoday

ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් – ජනපති

colombotoday

ඇමතිකමෙන් නෙරපූ හේතුව හිටපු ඇමති විජේදාස හෙළිකරයි (Video)

colombotoday