Colombo Today Local News

බදු වැඩි කිරීම ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්

Mahinda-new
2015 ජනවාරි මාසයේදී තමන් රටට ඉතිරි කර ගියේ 75.5 % ණය ප‍්‍රතිශතයක් බවත් එය 1979 වසරෙන් පසු තිබූ අඩුම ණයබර එය බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී සිදු කිරීමට නියමිත වැට් බදු සංශෝධනය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි දැක්වෙන්නේ වැටුප් වැඩිකර තිබෙන පසුබිමක ජනතාවට අලුතින් පනවන බදු ගෙවීමේ ප‍්‍රශ්නයක් නැතැයි ආණ්ඩුවේ ඇතැමුන් කරන ප‍්‍රකාශවල සත්‍යතාවක් නොමැති බවයි.

වැටුප් වැඩිකර ඇත්තේ වැඩකරන ජනතාවගෙන් සියයට පහළවක් වන රාජ්‍ය සේවකයින්ට බවත් ඉතිරි සියයට අසූ පහේම ආදායම් වැඩිවී නොමැති බවත් එම නිවේදනයේ සඳහන්.

ආණ්ඩුව බදු වැඩි කිරීමට සූදානම් වන්නේ ඡන්දය දිනා ගැනීමට දුන් පොරොන්දු ඉටු කර පවත්වා ගෙන යාමට මුදල් නොමැති නිසා බවයි මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

මෙය ප්‍රෝඩාවෙන් බලය ලබාගෙන ප්‍රෝඩාවෙන්ම පවත්වාගෙන යන වත්මන් ආණ්ඩුව මෙතෙක් සිදු කළ නරුමවාදී උප්පරවැට්ටියක් බවද එම නිවේදනයේ දැක්වෙනවා.

බදු වැඩි කිරීම්වලට එරෙහිව ජනතාව එකාමෙන් නැගී සිටිය යුත්තේ ඒ නිසා බවයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසන්නේ.

Related posts

පස්යාලේදී මෝටර් රථයක් පියා සහ දියණියට මරු කැදවයි

Admin

කොරෝනා පැතිරුණොත් පාලනය අපහසුයි – සෞඛ්‍ය ඇමතිනියගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

යතුරුපැදි මෙරටදීම එකලස් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්න. | කර්මාන්ත ඇමැති විමල් වීරවංශ

colombotoday

ජනපති ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුව අමතයි…

colombotoday

තෙල් ගබඩා සංකීර්ණය පාළුවට යයි.. සේවකයෝ අඛණ්ඩ වර්ජනයේ.. පිරවුම්හල් අසල මහ පෝලිම්

colombotoday