Colombo Today Local News

නීති විරෝධී වැඩකට කැබිනට් අනුමැතිය.. පස්, කළුගල්, වැලි රජයේ වනාන්තරවලින් ගන්න අවසර

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අංක 08/2017 දරන කැබිනට් පති‍්‍රකාව මගින් මහවැලි අධිකාරියට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ වනාන්තර ඉඩම් වලින් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පස්, කළුගල්, බොරලූ හා වැලි ලබා ගැනීමට 2017 මාර්තු 21 වැනි දා කැබිනට් අනුමැතිය ලබා දී ඇතැයි පරිසර සංරක්ෂණ භාරයේ සජිව චාමිකර මහතා පෙන්වා දෙයි.

සංවර්ධන කටයුතු සදහා මෙන්ම යටිතල පහසුකම් ගොඩනැංවීමේ දී භාවිතා වන මෙම අමුද්‍රව්‍ය වලට අධික ඉල්ලූමක් පවතින බැවින් රක්ෂිත ලෙස ප‍්‍රකාශයට පත් නොකළ රජයේ වනාන්තර ඉඩම් වලින් මේ ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව ඒ මහතා පවසයි.

වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව යෝජිත රක්ෂිත හා රජයට අයත් වනාන්තර බිම් අවශේෂ කැලෑ ලෙස පාලනය වේ. එම වගන්තියට අනුව රජයේ අවශේෂ වනාන්තරයක පස්, වැලි, බොරලූ හා කළු ගල් කැනීම නීති විරෝධී ක‍්‍රියාවකි.

Related posts

ඇමති ආරක්ෂකයෝ විදෙස් තරුණියකට අතවර කරලා.. පැන යද්දී දෙන්නෙක් අල්ලයි

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

Admin

“වල්බූරු සංහිදියාව” විශ්වවිද්‍යාලයටත් රිංගයි.. එක් අයෙකුට ආගම අදහන්න දෙසීයකට විභාගය ප්‍රමාද කරවලා !

colombotoday

ජනාධිපතිධුරය සතපහකට වැඩක් නෑ – නාගනන්ද කොඩිතුවක්කු

colombotoday

පිදුරංගල තරුණයින්ට නිදහස

colombotoday

මත්පැන් සාදය අවසානයේ සූපවේදියෙක් පඩිපෙළින් වැටී මියගිහින්

colombotoday