Colombo Today Local News

ලසන්ත ඝාතනය ගෝඨ පටලවන්න කට උත්තර දුන් ෆොන්සේකා තමන්ට විරුද්ධවම සාක්ෂි දී ගනී

1949 අංක 17 දරන ශ්‍රීලංකා යුධ හමුදා පනතේ 8 (1) උප වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් අණදීමට සුදුසු යෝග්‍ය පුද්ගලයකු යුද හමුදාවට පත් කල යුතුය. 8. (1) The President shall appoint a fit and proper person to command the army. 8 (2) එසේ උප වගන්ති (1) යටතේ පත් කරනු ලබන පුද්ගලයා යුද හමුදාපති ලෙස තනතුර ලබා දිය යුතුයි. (2) The person appointed under subsection (1) of this section shall be designated Commander of the Army.

එම පනතේ 2 (2) අනුව ශ්‍රීලංකාවේ යුද හමුදාවේ සිටින සියලුම හමුදාවේ සමාජිකයින් වෙනුවෙන් අණ දෙනු ලබන්නේ එම පනත යුද හමුදාපතියි. පනත අනුව යුද හමුවේ ප්‍රමාණය පනතේ වගන්ති 2 (1) අනුව ශ්‍රීලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබයි. එමෙන්ම එහි 2 (2) වගන්තිය අනුව ශ්‍රි ලංකා යුද හමුදාව යනු a. නිත්‍ය බලකාය b. නිත්‍ය උප සේවා බලකාය Reserve, c. ස්වේච්ඡා බලකාය Volunteer, සහ ස්වේච්ඡා උප සේවා බලකාය වලින් සැදුම්ලත් ය.

යුද හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා වන්නේ යුද හමුදාපතිවරයා ය. රජයේ එකාබද්ධ අරමුදලේ මගින් ශ්‍රීලංකා යුද හමුදාව නඩත්තු කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සපයන අතර සියලු වියදම් පාර්ලිමේන්තුවට යටත්ව රජයේ විගනකාධිපතිවරා විසින් පූර්න විගනයක් සිදු කොට වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරයි.

එමෙන්ම යුද හමුදාවේ පනත අනුව එහි 2 (1) සහ 2 (2) අයත් සියලු සාමාජිකයින් සම්බන්ධව පරිපාලන විනය යුද හමුදා නීතිය අනුව ක්‍රියාත්මක කිරීම යුද හමුදාපතිගේ පුර්ණ වගකීමකි.

යුද හමුදාව තුල ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයාට කිසිම පරිපාලන කටයුත්තක් සිදු කිරිමට අවශ්‍ය ප්‍රතිපාදන පනත තුල සපයා නැත. ආරක්ෂක ලේකම් වරයාට හැකිවනුයේ ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රතිපත්ති තීරණයන් රජය වෙනුවෙන් යුදහමුදාපති ලවා කරවා ගැනීම පමණකි.

රටේ නිතිය එසේ වුවත් මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා රහස් පොලිසිය වෙත ලබා දුන් කට උත්තරය අඩංගු බී වාර්තාව එජාපයට හිත්වත් වෙබ් අඩවියක් විසින් ප‍්‍රචාරය කර ඇත.

කට උත්තරය අනුව එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා ගේ දැනිම නොමැතිව හමුදාව තුල වෙනත් ආයුධ සහිතව කල්ලියක් 1949 අංක 19 දරන ශ්‍රීලංකා යුධ හමුදා පනතට පටහැනිව සිටී බවක් හැගවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 30 (1) අනුව ජනාධිපතිවරයා සේනාධිනායක යාය, එහෙත් යුද හමුදාවේ අභ්‍යන්තර පරිපාලනය මෙන්ම එහි සියලුම සාමජිකයින්ගේ විනය බලධාරියා මෙන්ම යුද හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා වන්නේ යුද හමුදාපතිවරයා ය.

ඒ අනුව යුද හමුදාවේ ප්‍රධාන මූලස්ථානය කොළඹ පිහිටා තිබෙන අතර යුද හමුදාපති රාජකාරි වාර්තා කරනුයේ යුද හමුදා මූලස්ථානයටයි. එසේනම් මූලස්ථානයේ සිට කිලෝමීටර් 3 ක් ඇතුලත තිබෙන මරදාන දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි ට්‍රිපොලි හමුදා කදවුර හෝ එහි අනු කණ්ඩ සම්බන්ධව අවබෝධයක් නැහ කීම පිලිගත හැකි ද? එමෙන්ම තමන් යටතේ ඇති හමුදා බුද්ධි අංශයේ නිලධාරින් ගැන අවබෝධයක් නැති බව පැවසීම විහිලුවකි. මේ අනුව ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදීන් යුදමය වශයෙන් පරාජය කිරීමට හිටපු හමුදාපති ලෙස ලෙෆ්ටින්ට් ජෙනරාල් සරත් ෆොන්සේකා ලබා දුන් අණ සම්බන්ධව විශාල සැකයක් මෙන්ම ප්‍රශ්නයක් සාමාන්‍ය ජනතාවට නැගෙනු ඇත.

එමෙන්ම ශ්‍රීලංකාවේ යුද හමුදාපති ලෙස මෙතරම් වගකීමෙන් තොර පුද්ගලයකු යුධ හමුදා පනතේ 8 (1) උප වගන්තිය අනුව යුද හමුවේ අණ දෙන නිලධාරියා ලෙස තෝරා පත් කර ගැනීම සම්බන්ධව ජනතාව ප්‍රශ්න කරනු ඇත.

B වාර්තාව මෙතනින්
යුද හමුදා පනත මෙතනින්

මූලාශ්‍රය – Lankacnews

Related posts

MCC ගිවිසුම මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාවට පටහැනියි – නීතිපති

colombotoday

උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පනවනවා – යුද හමුදාපති

colombotoday

නව වසර සමරන්න වරාය කෝටි 3 ක් වැයකරලා

colombotoday

නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ඩොලර් වලට අලෙවි කරයි

colombotoday

සිරියාවේ ප්‍රහාර නවතනු! ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පාර වසා පෙරටුගාමීන් උද්ඝෝෂණයේ

colombotoday

අමල් පෙරේරා බේරා ගැනීමට උදුල් ප්‍රේමරත්න ඉදිරිපත් වෙයි

colombotoday