Colombo Today Local News

නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ඩොලර් වලට අලෙවි කරයි

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ පළමු නිවස ඩුබායි හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු අද මිලදී ගත් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කියයි.

නාගරික සංවර්ධන අධිකාරියේ වියත්පුර නිවාස සංකීර්ණයෙන් මෙම නිවස මිල දී ගෙන තිබේ. ඒ සදහා ඩොලර් 40,000 ක මුදලක් ගෙවූ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කියයි.

විදෙස්ගත ලාංකිකයන් හා ශ්‍රමිකයන් සදහා නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ඩොලර් ගෙවා මිල දී ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය දා පියවර ගත්තේය. ඩොලර් ගෙවා මෙම නිවාස මිල දී ගන්නා අයට 10% ක වට්ටමක් ලබා දිමට ද තීරණය කෙරිණි.

ඩුබායි හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයකු අද මිල දී ගත් වියත්පුර නිවාස සංකීර්ණයේ නිදන කාමර 02 කින් යුතු නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ158කි. ඩොලර් මගින් මිල දි ගන්නා විට 10%ක වට්ටමක් ලබාදීමේ පදනම යටතේ ඔහු විසින් අදාළ නිවස මිල දී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 142 කටය. මේ වන විට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හා ශ්‍රමිකයන් රැසක් මෙම නිවාස මිල දි ගැනීම සදහා ඉල්ලුම් කර ඇතැයි අමාත්‍යාංශය පවසයි. මේ වසරේ දෙසැම්බර් මාසය වන විට ඩොලර් 275,000 ක ඉලක්කයක් සපුරා ගැනීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ රටේ පවතින ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදි කෙරුණු මධ්‍යම ආදායම් නිවාස විදෙස්ගත ශ්‍රි ලාංකිකයන්ට හා ශ්‍රමිකයන්ට ඩොලර් මගින් මිල දී ගැනිමට පහසුකම් සැලසු බවයි.

Related posts

විකල්ප අපේක්ෂකයා ලෙස චමල් ජනාධිපතිවරණයට !

colombotoday

කඨින චීවර පූජාව පැවැත්වීම ගැන නිවේදනයක්

colombotoday

“රණවිරු මාපිය රැකවරණ” දීමනා මුදලින් රුපියල් මිලියන 08 ක් අතුරුදහන්

colombotoday

පෞද්ගලික අංශය හරහා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

කොළඹ පුරහල සහ අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක්

Admin

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනය කිරීමේ අනු කමිටුව අද පළමු වරට රැස්වේ

colombotoday