Colombo Today Local News

MCC ගිවිසුම මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාවට පටහැනියි – නීතිපති

අමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC ගිවිසුමේ අඩංගු කරුණු මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාව ට පටහැනි බව නීතිපතිවරයා පවසා තිබේ.

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට කරුණු දැන්වූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

MCC එකඟතාව යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 480ක දීමනාව අත්හිටුවීමට අමෙරිකාව පසුගිය දෙසැම්බරයේ තීරණය කළේය.

ශ්‍රී ලංකාව සමග ඇති කරගත් එකඟතාවක් මත පස් අවුරුදු සැලැස්මක් යටතේ මෙරට ක්ෂේත්‍ර කිහිපයක යටිතල පහසුකම් දියුණු කිරීමේ කටයුතු වෙනුවෙන් අදාළ මුදල් පිරිනැමීමට අමෙරිකාව තීරණය කර තිබුණි.

එහෙත් පසුගිය මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවකට අනුව එම ගිවිසුම සමාලෝචනයකින් තොරව අත්සන් නොකරන බවට රජය තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කමිටුවක් ද පත්කර තිබුණි.

Related posts

වැට් පනතට ශ්‍රීලනිප පාර්ශවයේ විරෝධය.. අගමැති අමාරුවේ !

colombotoday

ඥාණසාර හිමි ඝාතන කුමන්ත්‍රණයක් !.. පැමිණිල්ල විමසන්න පොලීසියට කැදවයි

colombotoday

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් – විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තරුණයෙකු රෝහලේ

Admin

වාහන මිළ නැවතත් නගී…

colombotoday

ව්‍යාජ ඩොලර් මුද්‍රණයේ ජාවාරමක ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

කොරෝනා යැයි සැක තවත් දෙන්නෙක් හලාවතින් කුරුණෑගල රෝහලට !

colombotoday