World

රුසියාවේ ප්‍රහාරවලින් යුක්රේනයේ දරුවන් 37 ක් ජිවිතයෙන් වන්දි ගෙවයි

රුසියන් හමුදා සිදු කරන ප්‍රහාරවලින් යුක්රේනයේ දරුවන් 37 දෙනකු මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මියගිය දරුවන් 37 දෙනාට අමතරව, තවත් දරුවන් 50 දෙනකු රුසියන් ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා සිටින බව ද යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

‘මා රුසියාවෙන් අහන්න කැමතියි යුක්රේන දරුවන් කළ වරද මොකක්ද? රුසියන් ප්‍රහාරවලින් යුකරේන දරුවන්ගේ ජීවිත උඩු යටිකුරු වෙලා. ඔවුන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා. පාසල්වලටත් රෝහල්වලත් රුසියාව පහර දෙනවා. මිලියනයකට වැඩි යුක්රේන දරුවන් සරණාගතයන් ලෙස අද යුක්රේනයෙන් පිටවෙලා. මේ දරුවන්ගේ අනාගතය අඳුරුයි. ඔවුන්ට ඕනෑ යුද්ධය නොවෙයි, සාමයයි’ යැයි යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකා කැතරීන් රසෙල් පවසා තිබේ.

Related posts

හැරී පොටර් නළු Michael Gambon මිය යයි

Admin

කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පී විජයිගේ දියණිය සියදිවි නසාගනී

Admin

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත ලබාදීම අරඹයි

colombotoday

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අද ඊශ්‍රායලයට

Admin

ඉතාලියේ කොරෝනා මරණ 1000 ඉක්මවයි… ලොව පුරා 5000ක් මරුදකී !

colombotoday

මිල සීමාව ක්‍රියාත්මක රටවලට රුසියානු බොරතෙල් අපනයනය තහනම් කරයි

Admin