World

කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පී විජයිගේ දියණිය සියදිවි නසාගනී

කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පියෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙක් ද වන විජයි ඇන්ටනීගේ දියණිය සියදිවි නසාගෙන තිබේ.

ඇය චර්ච් පාර්ක් පාසලේ 12වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කිසියම් මානසික ආතතියකින් පසුවී ඇති දියණිය ඊයේ (18) රාත්‍රියේ නින්දට ගොස් අලුයම 3ට පමණ නිවසේ විදුලි පංකාවේ එල්ලී සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වේ.

පසුව විජයි ඇන්ටනී විසින් දියණියව බේරාගෙන මෝටර් රථයකින් කාවේරි රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

දැරිය පරීක්ෂා කර ඇති වෛද්‍යවරුන් පවසා ඇත්තේ, ඇය ඒ වනවිටත් මියගොස් සිටි බවය.

රංගන ශිල්පී විජයි ඇන්ටනී 2006 වසරේ දී ෆාතිමා සමග විවාහ දිවියට පැමිණ ඇති අතර, මියගොස් ඇත්තේ මීරා නැමති 16 හැවිරිදි දියණියයි.

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් සිනමා ක්ෂේත්‍රය දැඩි ලෙස කම්පාවට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළට

Admin

සුඩානයේ කාර්ටුම් අගනුවරට ගුවන් ප්‍රහාරයක් – කුඩා දරුවන් ඇතුළු 20ක් මරුට

Admin

ලොවපුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි

colombotoday

රුසියාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඔලුවටම පහර දෙයි. පළමු ගුවන් ප්‍රහාරයෙන් මර්මස්ථාන අටක් විනාශයි

colombotoday

අමිතාබ් බච්චන් හා අභිෂේක් බච්චන්ටත් කොරෝනා වැලදේ

colombotoday

ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් මරණය වාර්තා වෙයි

colombotoday