World

ඇෆ්ඝනිස්තානයේ ජලාලාබාද් නගරයේදී තරුණියන් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කරලා

ඇෆ්ඝනිස්තානයේ ජලාලාබාද් නගරයේදී තරුණියන් තිදෙනෙකු ව වෙඩිතබා ඝාතනය කර තිබේ.

ඔවුන් රූපවාහිනී ආයතනයක සේවය කළ තිදෙනෙක් වන අතර වෙඩි වැදීමෙන් තවත් කාන්තාවක් බරපතළ තුවාල සහිතව රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

ඝාතනයට ලක්වූ තරුණියන් වයස අවුරුදු 18-20ත් අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීම සිදුකළ ප්‍රධාන තුවක්කුකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. ඔහු තලිබාන් සංවිධානයට සම්බන්ධ බව හඳුනාගෙන ඇත.

නමුත් එම ඝාතන සඳහා තමන්ට වගකිව නොහැකි බව තලිබාන් සංවිධානය පැවසීය.

මෑත කාලයේදී ඇෆ්ඝනිස්තානයේ දී මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාධරයින්, සහ දේශපාලන ක්‍රියාකාරීන් විශාල පිරිසක් ව හඳුනානොගත් තුවක්කුකරුවන් විසින් ඝාතනය කර තිබේ.

Related posts

කොරෝනා පාලනයට ජර්මනිය හමුදා සොල්දාදුවන් 15000ක් කැඳවයි

colombotoday

ට්‍රම්ප් වැඩ අරඹයි.. අනවසර සංක්‍රමණිකයන් මිලියන 3ක් ඇමරිකාවෙන් පිටුවහල් කරන්න සූදානම් !

colombotoday

කොරෝනාවට එරෙහිව සර්ප විෂ භාවිතයෙන් වෛරසය පැතිරීම සියයට 75 කින් අවම කළ හැකි බවට අනාවරණයක්

colombotoday

පූටීන්ගේ සමීප හිතවතෙක් ඇමරිකානු රාජ්‍ය ලේකම් ධුරයට පත්වෙයි

colombotoday

තායිලන්තයේ දිනක් තුළ කොරෝනා රෝගීන් 188ක්

colombotoday

වසර 30කට පසු ප්‍රංශයේ දරුණුතම බස් අනතුරින් 43ක් මරුට – Video

colombotoday