World

මිල සීමාව ක්‍රියාත්මක රටවලට රුසියානු බොරතෙල් අපනයනය තහනම් කරයි

මිල සීමාව ක්‍රියාත්මක කරන රටවලට රුසියානු බොරතෙල් අපනයනය තහනම් කරමින් රුසියානු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එළැඹෙන පෙබරවාරි පළමුවනදා සිට මාස 5ක කාලයක් සඳහා මිල සීමාව ක්‍රියාත්මක කරන රටවලට රුසියානු බොරතෙල් අපනයනය තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

පසුගිය දෙසැම්බර් මස පස්වනදා ජී හත කාර්මික රටවල්, යුරෝපීය සංගමය සහ ඔස්ට්‍රේලියාව එක්ව රුසියානු බොරතෙල් සදහා ඩොලර් 60ක මිල සීමාවක් පැනවීය.

ඒ රුසියානු බොරතෙල් ආදායම්වලට පහරක් එල්ල කිරීම හරහා යුක්රේනයට සහය දැක්වීමේ අරමුණිනි.

මීට ප්‍රතිචාර දක්වමින් රුසියාව පැවසුවේ, අමෙරිකාව ඇතුළු බටහිර රටවල මෙම ක්‍රියාකලාපය ජාත්‍යන්තර නීතියට පටහැනි බවය.

සෞදි අරාබියට පසු ලොව දෙවන විශාලතම බොරතෙල් සැපයුම්කරු වන්නේ රුසියාවයි.

Related posts

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවත් පහළට

colombotoday

මියන්මාර හමුදා පාලනය – විරෝධතාවයේ පළමු මරණය වාර්තා වෙයි

colombotoday

දේශපාලනයෙන් හමුදාව පවා දුන්නා. – ඇෆ්ගන් හමුදා ජෙනරාල්වරයෙකුගෙන් හෙළිදරව්වක්.

colombotoday

රට වැසියන් දේශප්‍රේමීන් කරවන තීන්දුවක් ඉන්දීය අධිකරණයෙන් !

colombotoday

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 9 ඉක්මවා යයි.

colombotoday

රික්ටර් මාපකයේ ඒකක 5.6ක ප්‍රබල භූ කම්පනයක්

colombotoday