World

ටොයොටා මෝටර් රථ නිෂ්පාදනය අත්හිටුවයි

ජපානයේ ටොයොටා මෝටර් රථ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ටොයොටා මෝටර් රථ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් කොටස් සහ ඉලෙක්ට්‍රොනික උපාංග සැපයුම නතර වීම ඊට හේතුවයි.

මේ නිසා මෝටර් රථ 13,000ක් පමණ නිෂ්පාදනය නතර වී ඇති බව වාර්තා වේ.

යුක්රේන ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින් ජපානය ද රුසියාවට එරෙහි සම්බාධක පැනවීමට තීරණය කළ අතර, මේ නිසා සයිබර් ප්‍රහාරය රුසියානු හැකර්වරුන් විසින් සිදු කරන්නට ඇති බවට විශ්වාස කෙරෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Related posts

මුස්ලිම් කාන්තාවක් විවාහ කරගත් අහමදියා තරුණයෙකු අත්අඩංගුවට. | අහමදියාවරු මුස්ලිම්වරුන් ලෙස හැඳින්වීමත් තහනම්

colombotoday

අමෙරිකාවේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 9 දෙනෙකුට තුවාල

colombotoday

ඇමරිකානු උප ජනාධිපතිගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුටත් කොරෝනා අසාදනය වෙලා

colombotoday

පරිහානියේ පරතෙරටම යන එංගලන්ත තරුණ පරපුර ( Photos )

colombotoday

ඉන්දීය මහ බැංකු අධිපතිටත් කොරෝනා වැළඳෙයි

colombotoday

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවෙන් ISIS ඉලක්ක හයකට ප්‍රහාර

colombotoday