World

ඇමරිකානු උප ජනාධිපතිගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුටත් කොරෝනා අසාදනය වෙලා

ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ඊයේ (08දා ) කොරෝනා වෛරස් ආසාදිතයෙකු බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි සී එන් එන් ප්‍රවෘත්ති  සේවය පවසයි.මේ  හේතුවෙන් එම කාර්යමණ්ඩල සාමාජිකයා ඇසුරු කළ බවට සැළකෙන උප ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු  උප ජනාධිපති පෙන්ස් සමග අයෝවා ප්‍රාන්තයට යාම සඳහා ගුවන් යානයට ඇතුළු වී සිටියදී යානයෙන් බැස්වීමට බළධාරීන් විසින් පියවර ගෙන තිබේ.

මෙම තත්ත්වය මත ඇමරිකානු උප ජනාධිපතිවරයා ගමන් ගත් ගුවන් යානය ගුවන් ගත කිරීම පැයකින් පමණ ප්‍රමාද වී ඇති  බව සී එන් එන් සේවය කියයි. කෙසේ වුවද අදාළ කාර්ය මණ්ඩල සාමාජිකයින් ගුවන් යානයෙන් බැස්වීමෙන් පසු පෙන්ස් උප ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය අයෝවා ප්‍රාන්තයේ ඩෙස් මොයින්ස් හි පැවත්වෙන රැස්වීමකට සහභාගී වීම සඳහා පිටත්ව ගොස් තිබේ.

මෙයට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුද මෙම සතිය මුළදී කොරෝනා ආසාදිතයෙකු බව පරීක්ෂණවලින් තහවුරු කෙරිණි.

Related posts

එන්නත්වලින් 75% ක් රටවල් 10 ක. | දුප්පත් රටවල ජනතාව ආරක්‍ෂා කිරීමේ නව සැලසුම් සකස් කළ යුතුයි. | ලෝක සෞඛ්‍ය සංවිධානය

colombotoday

ලිබියාවේ ගැටුම්වලින් පුද්ගලයන් 55ක් මරුට

Admin

යාත්‍රාවක් පෙරලී ළමුන් 8ක් ජිවිතක්ෂයට

colombotoday

“මේ පැත්ත පළාතෙ එනු එපා“ – ලන්ඩන් නගරාධිපති සදීක් ඛාන් ට්‍රම්ප්ට අනතුරු අගවයි !

colombotoday

මනුෂ්‍ය ඝාතනයක් කල කුකුළෙක් අල්ලයි

colombotoday

වතිකානුවේ අපචාර ගැන පාප් තුමා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

colombotoday