Covid 19World

එන්නත්වලින් 75% ක් රටවල් 10 ක. | දුප්පත් රටවල ජනතාව ආරක්‍ෂා කිරීමේ නව සැලසුම් සකස් කළ යුතුයි. | ලෝක සෞඛ්‍ය සංවිධානය

කොරෝනා එන්නත් වර්ග සියල්ලක් පාලනය කරන්නේ රටවල් 10 ක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී ටෙඞ්රොස් ඇඞ්නහොන් හෙළි කර ඇත. මෙම එන්නත් වර්ගවලින් සියයට හැත්තපහකට වඩා එම රටවල් සතුව ඇති බවද හෙතෙම කියා සිටියි. මෙම තත්ත්වය නිසා දුප්පත් රටවල ජනතාව ආරක්‍ෂා කිරීමේ නව සැලසුම් සකස් කළ යුතු බවද ඔහු දක්වා ඇත.

රටවල් 194 ක සෞඛ්‍ය ඇමැතිවරු අමතමින් ඔහු මේ බව පවසා තිබේ. පසු ගිය පෙබරවාරි මස සිට කොවැක් වැඩපිළිවෙළ යටතේ රටවල් 105 කට එන්නත් මාත‍්‍රා මිලියන 72 ක් ලබා දුන් අතර එම මාත‍්‍රා එක් රටක සියයට එකක ජනතාවකට පමණක් සෑහෙන බවද හෙතෙම සඳහන් කළේය.

කොවැක් වැඩපිළිවෙළ යටතේ සියලූම රටවල ජනගහනයෙන් සීයට දහයක් සඳහා එන්නත් ලබා දෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානියා ධනවත් රටවල්වලින් ඉල්ලා ඇත.

Related posts

ඉන්දියාවේ නව කොරෝනා ප්‍රභේද 240ක් හදුනා ගනී

colombotoday

තවත් කොරෝනා මරණ 32ක්

colombotoday

ඉන්දියාව යළි විදෙස් සංචාරකයන්ට විවෘත වෙයි

colombotoday

බද්දේගම සමිත හිමි කොරෝනා වැළඳී අපවත්වෙති.

colombotoday

සටන් විරාමය මධ්‍යයේ ඊලොන් මස්ක් ඊශ්‍රායලයට

Admin

බිහාර් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටෙයි

Admin