World

අමෙරිකාවේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 9 දෙනෙකුට තුවාල

අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් හි සිදුවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.

නිවසක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර පුද්ගලයින් කණ්ඩායමක් විසින් වෙඩි තැබීම් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බව සඳහන් වේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව රෝඩ් අයිලන්ඩ් පොලීසිය පැවසීය.

කෙසේවෙතත් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් හඳුනාගෙන ඇති අතර ඔවුන් සොයා නගර ආරක්ෂක අංශ විසින් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Related posts

සංගීත කලාවේ රජු බොබ් මාලිගේ මුණුපුරා දිවියෙන් සමුගනී

Admin

කොරෝනා කොරෝනා මුසුවෙයි | වියට්නාමයෙන් තවත් නව කොරෝනාවක්

colombotoday

යුක්රේන හෙලිකොප්ටර් රුසියාවේ තෙල් ගබඩාවකට පහර දෙයි

colombotoday

දේවාලයකට භාවිතා කල ගොඩනැගිල්ලකින් මළ සිරුරු 20ක් හමුවෙයි

colombotoday

රුසියාව ස්පුට්නික් V ලබාදීම අරඹයි

colombotoday

“ඉම්රාන් ඛාන්ගේ sex calls” දෙකක් viral වෙයි

Admin