Colombo Today Local News

මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික්ටොන් 38,500ක් ආනයනයට අනුමැතිය

යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (පොටෑසියම් ක්ලෝරයිඩ්) පොහොර මෙට්‍රික්ටොන් 38,500ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ මෙම පොහොර ප්‍රමාණය ආනයනය කිරීමටත්, රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ ඒවා ගොවීන් වෙත බෙදාදීමටත් නියමිතය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙවර යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර ලක්‍ෂ 6ක් පමණ වගාකිරීමට අපේක්‍ෂිත බව ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවේ දැක්වේ.

Related posts

ලංකාවට පන්නන්න හැදූ කෝටි 110ක මත්ද්‍රව්‍ය සමග 2ක් තමිල්නාඩු බුද්ධි අංශ අත්අඩංගුවට

Admin

ෆාම් ඔයිල් ආනයනය තහනම්

colombotoday

රථගාය හැදුනු එජාප ප්‍රබල මන්ත්‍රී මහපාරේ පිස්සු නටයි (Video)

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය කඩකල තවත් පුද්ගලයින් 201 ක් අත්අඩංගුවට

colombotoday

ලාංඡනය පිළිබඳ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වෙයි !

colombotoday

‘ලංකාව බංකොලොත් කිව්වේ කාගේ අවසරයකින් දැයි හෙළි කරන්න’

colombotoday