Colombo Today Local NewsUncategorized

කොවිඩ් ආසාදිතයින්ට අවශ්‍ය ඔක්සිජන් සංචිත සම්පාදනය කිරීමට සැලැස්මක්

කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීමේදී ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ ගොස් තිබුණද අවශ්‍ය ඔක්සිජන් සංචිත සම්පාදනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට සැලසුම් සකස් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ලංකාවේ බරපතළ තත්ත්වයක් උද්ගත වී නොමැති බවත් රට තුළ ඔක්සිජන් හිඟයක් නොමැති බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

“අපිට අවශ්‍ය තරම් ඔක්සිජන් ලංකාවේ තියෙනවා. ඒ වගේම අවශ්‍ය වුණොත් අමතර ඔක්සිජන් ලබා ගැනීම සඳහාත් ඒ වගේම ඔක්සිජන් ලබාගැනීමේ දී කාර්මික වශයෙන් නිෂ්පාදිත ඔක්සිජන් සහ ඒ වගේම ඔක්සිජන් සාන්ද්‍රණය කිරීමක් හරහා සාමාන්‍ය වායුගෝලයෙන් ඔක්සිජන් ලබාගැනීමේ ක්‍රමවේදයත් භාවිත කරමින් අවශ්‍ය කරන ප්‍රමාණයට මේ දක්වා අපිට වාර්තා වන රෝගීන් සංඛ්‍යාවටත් ඊට වඩා ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුවත් ඒ අයට අවශ්‍ය ඔක්සිජන් ලබාදීම සඳහා අවශ්‍ය සියලු වැඩසටහන් සම්පාදනය කරලා තියෙන්නේ.”යනුවෙන් විශේෂඥ වෛද්‍ය හේමන්න හේරත් මහතා පවසයි.

Related posts

පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

මං විහිළු කරන්නේ ජනතාවගේ බඩගින්න නැති කරන්න- සජිත්

colombotoday

ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 3ක් විවර කෙරේ

colombotoday

රට ගොඩනැගීමට නම් මූල්‍ය විනයක් අත්‍යවශ්‍යයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

colombotoday

නබි තුමා හීනෙන් කිවායැයි පවසා 77ක් වයසැති ජෙලීල් මොහොදීන් වැලිගම අවුරුදු 17ක දැරියක් සහේට ගනී

colombotoday