Colombo Today Local News

ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 3ක් විවර කෙරේ

මේ දින කීපයේ ඇදහැලෙන වර්ෂාව පතනය හේතුවෙන් දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය සම්පූර්ණයෙන්ම පිරීයාමෙන් අද (21)දින වාන් දොරටු තුනක් විවෘත කර දැමූ බව මහවැලි නිලධාරීහු පවසති.

ඒ අනුව ඉබ්බන්කටුව ජලාශයෙන් තත්පරයකට ඝන අඩි 2460 ක ජල ප්‍රමාණයක් කලා වැවට මුදා හැර ඇති බවත් තවදුරටත් වර්ෂාව පතිත වුව හොත් දැනට විවෘත කර ඇති දොරටු තුනට අමතරව ඉතිරි දොරටු දෙකද විවෘත කිරීමට නියමිත බවත් මහවැලි නිලධාරීහු සඳහන් කර සිටිති.

ඉබ්බන්කටුව ජලාශය හරහා කලා වැව දක්වා ජලය රැගෙන යන දඹුලු ඔය දෙපස ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවත් වර්ෂාපතනය වැඩි වුවහොත් සොරොව් විවෘත කිරීමෙන් ප්‍රදේශය ඇළ මාර්ගවලට බැසීමෙන් වළකින්නැයි මහවැලි නිලධාරීන් ජනතාවට ගෙන් ඉල්ලීමක් කර සිටිති.

මේ අතර ඉබ්බන්කටුව ජලාශයෙන් ලැබෙන ජල ප්‍රමාණය සමග ක්‍රමක්‍රමයෙන් කලා වැවේ ජල මට්ටම ද ඉහල යමින් පවතින බව වාරිමාර්ග ඉංජිනේරුවරු සඳහන් කර සිටිති.

Related posts

බෙල්ලන්විල විමලරතන නාහිමියෝ අපවත් වෙති !

colombotoday

රාජකාරියේ සිටි ඇමැති ආරක්ෂක නාන කතක් විඩියෝ කරලා

Admin

අඟුණකොළපැලැස්සෙන් මාංචු සමඟ පැන්න රැදවියන් දෙන්නෙක් අල්ලයි

Admin

ඇමති කුඩ්ඩන් 24කගේ නම් ලයිස්තුවක් CIDයට…

colombotoday

ඡන්දෙන් පස්සේ ශ්‍රීලනිපය පොහොට්ටුව සමගයි – ඇමති සුසිල්

colombotoday

ජනාධිපති රනිල්ගේ රාජාසන කතාව ප්‍රශස්තයි – මහින්ද

Admin