Colombo Today Local News

රට ගොඩනැගීමට නම් මූල්‍ය විනයක් අත්‍යවශ්‍යයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

රට ගොඩනැගීමට නම් මූල්‍ය විනයක් අත්‍යවශ්‍ය බවත්, රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද කඩිනමින් හඳුන්වා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

රජය වැය කරන සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගත යුතු නමුත් බොහෝ විට එය රාජ්‍ය වියදම් ක්‍රියාවලිය තුළ සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රාජ්‍ය ආදායම් අමතක කිරීම පමණක් නොව කිසිදු ප්‍රතිලාභයක් නොමැති කටයුතු සඳහා රාජ්‍ය මුදල් සීමාවකින් තොරව වැය කිරීම ද මෙරට ආර්ථික අර්බුදයට හේතු වූ බව සඳහන් කරයි.

එසේම පසුගිය වසර දෙක, තුන තුළ මේ පිළිබඳ පාර්ලිමේන්තුව තුළ සංවාදයක් සිදු නොවිම අද රටේ මතුව ඇති මූල්‍ය ගැටලුවලට ප්‍රධාන හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආදායම් බදු මෙන්ම රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමට මේ වන විට පාර්ලිමේන්තුව තුළ කමිටු ගණාවක් පත් කර තිබෙන බව කියා සිටි.

රාජ්‍ය නව ආදායම් මාර්ග උත්පාදනය සඳහා උපාය මාර්ග සෙවීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ (12)දින ජනාධිපති කාර්යාලයේ දී භාරදුන් අවස්ථාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි

එම නිවේදනය පහතින්,

Related posts

සම්ප්‍රදායට පිටුපාමින් වෙසක් පොහොය අප්‍රේල් මාසයට යොදා ගැනීම සිදුනොවිය යුත්තක් – මල්වතු පාර්ශවය

colombotoday

පාර්ලිමේන්තු නිල නිවාසය රන්ජන් ගණිකා මඩමක් කරගෙන.. හඩපට වලින් හෙළිවේ !

colombotoday

බස්නාහිර සහ දකුණ පුරා කුඩු මෙහෙයුම් – 285ක් දැලේ!

Admin

ආතතිය දුරු කරලීමට හුදකලා මහල් නිවාස වල වියායාම වැඩසටහන්

colombotoday

හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරිනීතිය පනවයි. නගරය නොසන්සුන්

colombotoday

බුදු පිළිමයක් තැබීමට එරෙහිව අධිකරණ නියෝගයක්.. මුස්ලිම් ගමක් ළග නිසා සංහිදියාවට බාධයිලු !

colombotoday