Colombo Today Local News

ගෑස් ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට ප්‍රමිති ආයතනයට අවසර දෙයි

ගෑස්වල ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට ආනයන, අපනයන පාලකවරයා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ලිඛිත අවසර දුන් බවත් එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කළ යුතුව ඇති බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ගෑස්වල ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අවසරය ලබාදෙන ලෙස ආනයන අපනයන පාලකවරයාගෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය ඉල්ලීමක් කළ බවත් ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමේ බලය ප්‍රමිති ආයතනයට ඉදිරියේදී ගැසට් නිවේදනයක් ඔස්සේ නීත්‍යානුකූලව ලබාදෙනු ඇති බවත් අමාත්‍යවරයා කියයි.

ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධ ගැටලුව වසර 60 කට අධික කාලයක් පරණ ප්‍රශ්නයක් යැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ගෑස් ආනයනය කරන්නේ කුමන සමාගමෙන්ද? ඒවායේ කර්මාන්ත ශාලා මොනවාද? ආනයනය කිරීමට පෙර පරීක්‍ෂා කරන්නේ කෙසේද? ලෙස ගෑස් ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමේ ක්‍රියාපටිපාටියක් ඇති බව ද සඳහන් කර සිටි.

වර්තමානයේ ගෑස් ආනයනය කිරීමේදී ආනයනික රට ලෙස මාලදිවයින සඳහන් කරන බව ද වැඩි දුරටත් අමාත්‍ය අලගියවන්න මහතා සඳහන් කරයි.

Related posts

දහසේ සහන මල්ල එක්ක සතොස දෛනික ආදායම කෝටි 15ක් දක්වා ඉහළට

colombotoday

ශ්‍රීලන්කන් ගුවන් සේවයට මාස 6ක් කල් දෙයි.

Admin

ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් සියයට 50ක සහනයක්

Admin

“අර්ජුන් සුද්ද කරන්න සුජීව කෝප් කමිටුවට දාලා.. රනිල්ට ජිල්මාට් දාන්න දෙන්න බෑ” – වමේ කේන්ද්‍රය

colombotoday

කොස්ගම යුධ පිටියක්.. බර අවි පිපිරීමෙන් නිවාස දේපළ සුණු විසුණු වෙයි (Photo)

colombotoday

ජල නලයක් පුපුරා පාසල් යමින් සිටි දියණිය අඩි 16ක වළකට වැටෙයි

Admin