Colombo Today Local News

ජල නලයක් පුපුරා පාසල් යමින් සිටි දියණිය අඩි 16ක වළකට වැටෙයි

ගොතටුව ජලපවාහන මණ්ඩලය අසල ජල නලයක් පුපුරා යාමෙන් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් අද (19) උදෑසන අඩි 16ක් පමණ ගැඹුරු වතුර වළකට වැටී අනතුරකට ලක්ව තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට පියා සහ දියණිය ඉන් ගොඩට පැමිණ ඇතැයි වාර්තා වේ.

යතුරුපැදියකින් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් එලෙස වළට ඇඳවැටී අනතුර සිදුව තිබේ.

පසුව පියා විසින් දියණිය එම වළෙන් ගොඩට ගෙනැවිත් තිබේ.

ජල නලය පුපුරා යාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවා ඇති බව ද වාර්තා වේ.

Related posts

හමුදා මූලස්ථානයට ගෝඨාභය වෙන්කළ මුදල් මේ ආණ්ඩුව වියදමට අරන්.. වැඩ තවමත් අතරමග !

colombotoday

‘කොන්ත්‍රාත්වලට මිනී මරපු අය රණවිරුවන් ලෙස හැදින්විය හැකිද’ රණවිරුවන් ගැන එන්ජීඕ මතය සමන් රත්නප්‍රිය කියයි

colombotoday

ඊ පාස්පෝර්ට් ක්‍රමවේදය නතර කරන්නේ නෑ

Admin

මිනුවන්ගොඩ පොකුරේ තවත් ආසාදිතයින් 49ක් හඳුනාගැනේ

colombotoday

ඇප නොලැබෙයි.. මුසම්මිල් නැවතත් ඇතුළට !

colombotoday

පානදුර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුදකී

colombotoday