Colombo Today Local News

කුවේටයේ සිටි ලාංකිකයෝ 31 ක් දිවයිනට එවයි

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව දිගු කළක් රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 31 දෙනෙකු, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සකස් කර දී තිබූ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

මොවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකි.

ඔවුන් අද උදෑසන 06.16 ට කුවේට් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මොවුන් අතර පිරිමි 03 දෙනෙකු සහ ගෘහ සේවිකාවන් 28 දෙනෙකු වෙයි.

මීට අමතරව ඉකුත් 12 දින ද කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවට එවා තිබූ අතර, ඔවුන් අතරින් පිරිමි 09 දෙනෙකු සහ කාන්තාවන් 24 දෙනෙකු විය.

ඒ අනුව, මෙම සති දෙක තුළ කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස්, වීසා නොමැතිව එරට රැදී සිටි, එහෙත් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකු ශ්‍රී ලංකාවට එවා තිබේ. ඔවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුරය, කුරුණෑගල, ගාල්ල, මාතර සහ මොණරාගල ප්‍රදේශ වල පදිංචිකරුවන් වෙයි.

Related posts

අලුත් නිකායක් හදතියි ලොකු තැන් කැළඹෙයි !

colombotoday

‘යහපාලනයෙන්‘ බේරාගන්න, මාදුරුඔය ඉහළ රක්ෂිතයේ ගස් මහණ කරයි !

colombotoday

ට්‍රම්ප්ට බොදු බල සේනාවත් සුබ පතයි.. ඉස්ලාම් ත්‍රස්තයන් නැති කරන වැඩේ ඉක්මන් කරන්න ඉල්ලයි

colombotoday

කුරුණෑගල නගරාධිපති කිසි වරදක් කරලා නෑ.. මම ඔහුව රකිනවා – ජොන්ස්ටන් ප්‍රනාන්දු යලි කියයි

colombotoday

ජනාධිපතිවරණයට වැඩිම අපේක්‍ෂකයෝ මෙවර !

colombotoday

අධික රස්නයෙන් ආරක්ෂා වෙන්න – කාලගුණය අනතුරු අඟවයි

Admin