Colombo Today Local News

ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් සියයට 50ක සහනයක්

පසුගිය වසරේ ඔක්තෝබර් මාස සියයට 18කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් සියයට 50ක් පමණ හැකි ඉක්මණින් අඩු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා අද (4)පවසයි.

පසුගිය මාස තුනක කාලය තුළ අඛණ්ඩව ලැබුණු වාර්ෂාවේ වාසිය ජනතාවට දීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ජලයෙන් විදුලිය ජනනය කිරීමෙන් ලැබූ ලාභය අනිවාර්යෙන් මහජනතාවට ලැබිය යුතු යන තීරණයේ ලංකා විදුලිබල මණ්ඩලය සිටින බවත් ඒ මහතා කීය.

විදුලි ගාස්තු අඩුකිරීමේ යෝජනාව මේ මස 15වැනිදාට පෙර මහජන උපයෝගිතා කොමිසමට යොමු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ පසුගිය වසරේ අවසන් ගිණුම් වාර්තාවල අන්තර් ගිණුම් වාර්තාක් මේ වන විට සකස් කරමින් සිටින බවත් එම වාර්තා සකස් කළ වාහාම විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට යොමු කළ හැකි බවත් ඒ මහතා කීය.

Related posts

නාලක සිල්වාට අනිවාර්ය නිවාඩු

colombotoday

ජනපති නිවස වට කල 54 ක් අත්අඩංගුවට

colombotoday

වසර 397කට පසු බ්‍රහස්පති සහ සෙනසුරුගේ මහා ග්‍රහ සංයෝජනයක්

colombotoday

ජනපති ආරක්ෂක රථ පෙළත් සීමා කරයි… ගමන් කරන පාරවල් නොවසයි !

colombotoday

ශ්‍රී ලංකාවට සේලයින් නිෂ්පාදන කර්මාන්තශාලාවක්

colombotoday

විවාහා සහ අන්තිම කැමැති පත‍්‍ර පනත් සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday