Colombo Today Local News

දහසේ සහන මල්ල එක්ක සතොස දෛනික ආදායම කෝටි 15ක් දක්වා ඉහළට

ලංකා සතොස ආයතනය මගින් ලබාදෙන රුපියල් දහසේ සහන මල්ල ඇතුළු තවත් භාණ්ඩ 27ක මිල පහළ දැමීමත් සමග සතොස දෛනික ආදායම රුපියල් කෝටි 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය.

ඉතිහාසයේ වැඩිම ආදායමක් සතොසට ලැබීම ආරම්භ වූයේ මෙම සහන බඩු මල්ල හඳුන්වාදීමට පටන් ගත් සතියක පමණ කාලයක සිටි බව ඇමැතිවරයා පවසා සිටියේය.

වෙළෙඳ ඇමැතිවරයා මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (5)දින කොළඹ, වෙ​ළෙඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

සතොස දෛනික ආදායම ලෙස වෙනදාට ලැබී ඇත්තේ රුපියල් මිලියන 7ක මුදලක් පමණක් බවත් මෙම බඩු මල්ල හඳුන්වාදීමට ආරම්භ කළ දිනයේ සිට දෛනිකව රුපියල් මිලියන 150ක පමණ ආදායමක් ලැබෙන බවත් මෙහිදී ඇමැතිවරයා කියා සිටියේය.

ඇමැතිවරයා පවසන්නේ සුපිරි වෙළෙඳසල් තුනකින් මෙම සහන මල්ලේ ඇති භාණ්ඩ මිලට ගත් අතර එම මිල රුපියල් දහසට වඩා වැඩි වූ බවය. රිසිට්පත් සහිතව එම බඩු මිල ගණන් ඔප්පු කළ පෙන්විය හැකි බවද ඔහු පවසයි.

අධ්‍යාපන ආයතන, රෝහල්, පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ලිඛිතව ඉල්ලීමක් කරන්නේ නම් මෙම සහන මලු එකකට වඩා වැඩි ප්‍රමාණයක් ලබාදිය හැකි බවද මේ වනවිට මෙම සියලු ආයතන සඳහා ලබාදීමට ලංකා සතොස සතුව ප්‍රමාණවත් තොග පවතින බවද වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

වැඩි කළ වැට් බදු අද සිට බලාත්මකයි

colombotoday

අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කරන්නන්ට පොලීසියෙන් දැනුම් දීමක්..

colombotoday

රාජ්‍ය සේවක කාන්තාවන්ට මුහුණු ආවරණ නොමැති ඇඳුමකටත් අවසරය

colombotoday

“දෙමළ/මුස්ළිම් ජනතාවට අයිවාසිකම් ලැබී නෑ.. ආයුධ ගෙන ඔවුන් සටන් කළේ ඒ නිසයි“ – චන්ද්‍රිකා

colombotoday

අරගලකරුවන්ට ගැටලු‍ සාකච්ඡා කරන්න ආණ්ඩුවෙන් වෙබ් අඩවියක්

colombotoday

මුහුණු පොත හරහා අලෙවි ජාවාරම් කල සිව් දෙනෙකු අත්අඩංගුවේ

colombotoday