Colombo Today Local News

හම්බන්තොටට ඇතුළු වූ නැව සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසයි

හම්බන්තොට වරායට ඇතුළු වූ විකිරණශීලි රසායනික ද්‍රව්‍ය අඩංගු නෞකාවේ මෙරට නියෝජිතයාගෙන් නිදහසට කරුණු විමසා පරමාණුක බලශක්ති නියාමන සභාව ලිඛිතව දැනුම් දීමක් කර තිබේ.

එම සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා ප්‍රකාශ කළේ එම නැව් සමාගමේ මෙරට නියෝජිත ආයතනයට අළුතින් බඳවා ගනු ලැබූ නිලධාරියකුගෙන් අත්වැරැද්දක් සිදු වී ඇති බවට පරමාණුක බලශක්ති නියාමන සභාව වෙත දැනුම් දීමක් කර ඇති බවයි.

ඒ අනුව මින් ඉදිරියට එවැනි වැරදි සිදු නොවීම සඳහා නව ක්‍රමවේදයන් හඳුන්වා දීමට පරමාණුක බලශක්ති නියාමන සභාව සුදානම් වෙයි.

සාමාන්‍යන් නැව් සමාගමක සේවය කරන නිලධාරීන් අදාල නෞකා තුළ අඩංගු කන්ටේනර් බහලුම් පිළිබඳව නිවැරදි තොරතුරු වරායන් තුළට ඇතුළත් වීමට පෙර ලබා දිය යුතු වුවත් මෙම නැව් සමාගමේ මෙරට නියෝජිතයා විසින් එය වසන්කර ඇති බව පරීක්ෂණවලින් පෙනී යන බව ඔහු පවසයි.

ඒ අනුව එම නැව් සමාගමේ මෙරට නියෝජිත ආයතනයට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා වැඩිදුරටත් පැවසිය.

පසුගිය (20) වැනිදා රාත්‍රියේ හම්බන්තොටට පැමිණ ඇති මෙම නෞකාව නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනය බලා විකිරණශීලි රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් බහලුම් රැගෙන යමින් අතරතුර කාර්මික දෝෂයකට ලක්ව හම්බන්තොට වරාය පරිශ්‍රය ඇතුලත්ව තිබුණි.

 ඉන්දික ශ්‍රී අරවින්ද

Related posts

කච්චතිව් මංගල්‍යයට යන බැතිමතුන් සීමා කිරීමට රජයෙන් තීරණයක්

colombotoday

නිදහස ලැබූ ඥානසාර හිමි පැවසූ දේ…

colombotoday

රු 5,000 ගුරු දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday

ශ්‍රී ලංකාවට එරෙහි බටහිර රටවල යෝජනාව ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝණය කිරීමක්. – විදේශ ඇමති

colombotoday

“මට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයයි“ ජනමාධ්‍ය ලේකම්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

colombotoday

යූරියා ආනයනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක ණයක්

colombotoday