Colombo Today Local News

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බලන්න ඥාතීන්ට යළි අවස්ථාව

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා ඥාතීන්ට යළි අවස්ථාව දී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.

රැඳවියන් අතර පැතිර ගිය උණ සහ සමේ රෝග තත්ත්වයක් හේතුවෙන් පසුගිය දිනවල ඥාතීන්ට රැඳවියන් බැලීම සීමාකර තිබුණි.

කෙසේ වෙතත් රැඳවියන් පිටතට රැගෙන යාම තවදුරටත් සිදුනොකරන බව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිර ගිය අදාළ රෝගී තත්ත්වය හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් රෝහල්ගත කෙරුණු සංඛ්‍යාව 9කි.

ඉන් 4දෙනෙකු තවදුරටත් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

Related posts

ජනපති ඝාතන කුමන්ත්‍රණයට පොලිස්පතිත් සම්බන්ධයි… මහ මොළකරු රනිල් – නාමල් කුමාර සැලසුම දිගහරී [Video]

colombotoday

බස් ගාස්තු 2.23%කින් පහතට

colombotoday

ආපදාවට ලක්වු නෞකාවේ ඇති සියලු ඉන්ධන වර්ගවල සාම්පල ගැනීම අද

colombotoday

“කොරෝනා මර්දනය කරන අතරම රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැනත් බලන්න”

colombotoday

ඉන්දියාව ශිවාජිලිංගම්ට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කරයි

colombotoday

මුස්ලිම් ජනයාට විශේෂ අධිකරණයක් ඉල්ලයි !

colombotoday