Colombo Today Local News

මුස්ලිම් ජනයාට විශේෂ අධිකරණයක් ඉල්ලයි !

msqookk52ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහිව යුද සමයේ සිදු කෙරුණ අපරාධ සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් ස්ථාපිත කළ යුතු යයි නැගෙනහිර පළාතේ ජාතික ‘සුහදාක්කල්’ සංවිධානය (Suhathakkal) පවසයි.

නිවේදනයක් නිකුත් කරන ජාතික ‘සුහදාක්කල්’ සංවිධානය පෙන්වා දුන්නේ දෙමළ කොටි සංවිධානය විසින් 1990 වසරේ මුස්ලිම් පල්ලි දෙකක දී සීයකට අධික මුස්ලිම් වැසියන් මරා දැමීමේ 26 වෙනි සංවත්සරය යෙදීමත් සමඟයි.

කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි දෙකක දී වෙඩි තබා ඝාතනය කරන ලද 104 දෙනා ඇතුළු එම වසරේ වෙනත් තැන් වලදී මරා දැමුණ මුස්ලිම් ජනතාව වෙනුවෙන් පරීක්ෂණයක් ආරම්භ කළ යුතුව ඇති බවයි නැගෙනහිර පළාතේ ජාතික ‘සුහදාක්කල්’ සංවිධානයේ සභාපති මොහමඩ් රිෂ්වි, පවසා ඇත්තේ.

tamil tiger attack to katthankudy muslim mosque
1990 අගෝස්තු 5 වනදා කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියට එල්ලවූ දෙමළ කොටි ත්‍රස්ත ප්‍රහාරය. මෙම ප්‍රහාරයෙන් පල්ලියේ ආගමික කටයුතුවලට සහභාගී වී සිටි මුස්ලිම් වැසියක් 147ක් කපා කොටා ඝාතනය කරන ලදි

Related posts

ජනතාව එන්නත ගැන අහද්දි දෙන්න උත්තර නෑ. කලාව කරගෙන හිටියානම් ඉවරයි. – ගීතා කුමාරසිංහ

colombotoday

මිලියන 125 ක් අල්ලස්ගත් රේගු නිලධාරීන්ට ඇප දීලා

colombotoday

‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ජාතික උරුමයක් වෙයි

Admin

ගෑස් සිලින්ඩරයක් පුපුරා පුද්ගලයින් 6ක් රෝහලේ…

Admin

මුස්ලිම් මන්ත්‍රීවරු 21කගේ අත්සනින් භික්ෂූන්වහන්සේ සහ සංවිධානවලට එරෙහිව ජනපතිට ලිපියක්

colombotoday

“දූෂණ, වංචා පරීක්ෂණ පක්ෂග්‍රාහීයි“ – ජනපතිගෙන් නැවතත් ප්‍රහාරයක් !

colombotoday