Colombo Today Local News

ශ්‍රිලනිපයෙන්, මෛත්‍රීගෙන් සමාව ගනු.. නැතිනම් ඉල්ලා අස්වී යනු ! – මහින්දට අවසන් නියෝගය නිකුත් කෙරේ

duminda dissanayakeශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ තවදුරටත් රැඳී සිටීමට නම් කළ වැරදිවලට පක්‍ෂයෙන් සහ පක්‍ෂ නායකත්වයෙන් සමාව ගන්නවාද නැත්නම් ඉල්ලා අස්‌වී යනවාද යන දෙකෙන් එකක්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්‌ඩායමට තෝරා ගැනීමට දැන් අවස්‌ථාව උදාවී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීන්දුවක්‌ අරගෙන තිබෙනවා පක්‍ෂයට වින කරන පක්‍ෂයට වෛර කරන පක්‍ෂය දෙකඩ කිරීම සඳහා කුමන්ත්‍රණ කරන සියලුම දෙනාව ඉවත්කරලා පක්‍ෂය ශක්‌තිමත් කිරීමට පක්‍ෂය තුළ පූර්ණ ප්‍රතිසංවිධානයක්‌ කළ යුතු බවට.

මෙම තීරණය අපි ගත්තේ සාකච්ඡා වට ගණනාවක්‌ පැවැත්වීමෙන් පසුවයි. පක්‍ෂයට ආදරය කරන සියලුම දෙනාගේ අදහස වී තිබෙන්නේ දැන් ඉවසුවා හොඳටෝම ඇති බවයි.

වපුරපු දේවල් අනුවයි අස්‌වැන්න ලැබෙන්නේ. ජනාධිපතිතුමා මෛත්‍රිය වපුරද්දී මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්‌ඩායම දිගින් දිගටම වෛරය වැපුරුවා. එම නිසා ඒවායේ අස්‌වැන්න අද හෙටම එතුමාට ලැබෙනු ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

දිවයින

Related posts

සෙයිද් රාද් හුසෙන් දිගු දුර විහිදුම් බලකායේ රහස් තොරතුරු ඉල්ලයි.

colombotoday

අයවැයෙන් සැප වාහනවල මිළ ඉහළ දැමීමේ වාසිය මැති ඇමතිවරුන්ටයි…!

colombotoday

ඇල්ල ප්‍රපාත්‍යට වැටී අයෙක් ජීවිතක්ෂයට

Admin

විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු බේරාගන්න විජයකලා ආපු හැටි (Video)

colombotoday

කොල්ලුපිටියේ අනතුරින් විපතට පත්වූවන්ගේ පවුල් වලට ලක්ෂ 5ක වන්දියක්

Admin

ඉන්දියාවෙන් එන අලුත්ම කෝච්චිය මෙන්න

colombotoday