Colombo Today Local News

රාජපක්ෂලා රනිල් එක්ක ඩීල් දාලා.. පාද යාත්‍රාවත් ඩීල් එකක් – අනුර දිසානායක

anuraමෛත්‍රී – රනිල් ආණ්ඩුවට රට හැදීමට නොහැකි බවත්, නැවතත් රාජපක්ෂලාට බලයට ඒමට කිසිසෙත් ඉඩ නොදෙන බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව සදහන් කළේ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ නායකයා

ශිරන්ති රාජපක්‍ෂගේ අයථා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනීමට එෆ්.සී.අයි.ඞී.යට කැඳවා තිබුණා. නමුත් ශිරන්ත රාජපක්‍ෂ කටඋත්තරය ලබාදෙන්න ගියේ කථානායකවරයාගේ නිල නිවසටයි. එෆ්.සී.අයි.ඞී.යට යා යුතු ශිරන්ත රාජපක්‍ෂ කථානායක නිල නිවසට ගියේ කොහොමද? මහින්ද රාජපක්‍ෂ රනිල් වික‍්‍රමසිංහට කථාකර ඇතිකරගත් එකඟතාවයට අනුවයි. එම පරීෂක්‍ණ අවසන් වීමෙන් පසුව ශිරන්ති රාජපක්‍ෂ අත්අඩංගුවට ගෙන ප‍්‍රකාශ සටහන්කරගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. නමුත් දැන් මාස 4කට වැඩි කාලයක් ගතවී තිබියදී ශිරන්ති රාජපක්‍ෂ අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? මහින්ද රාජපක්‍ෂ රනිල් වික‍්‍රමසිංහට කථා කොට අත්අඩංගුවට ගැනීම වළක්වා තිබෙනවා. මේවා තමයි ඞීල් කියන්නේ.

විමල් වීරවංශගේ පාස්පෝට් ප‍්‍රශ්නයේදී මහින්ද රාජපක්‍ෂ, රනිල් වික‍්‍රමසිංහට, මෛතී‍්‍රපාල සිරිසේනට කථාකොට මැදිහත් වෙන ලෙස ඉල්ලා සිටියා. රනිල් ඒ ගැන පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒවා තමයි ඞීල් කියන්නේ.ඒ වගේම රාජපක්‍ෂ කල්ලියත් රනිල් වික‍්‍රමසිංහ අතරත් ගනුදෙනුවක් තිබෙනවා. මතුපිට දේශපාලනය තුළ නොව සිදුවන සිදුවීම් දිහා ගැඹුරින් විමසා බැලූවොත් ඒ බව තේරුම් ගන්න පුළුවන්. රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන උපදේශකයා, ගුරු අත්පොත ජේ. ආර්. ජයවර්ධනයි. ජේ.ආර්. ජනාධිපතිවරයා එවකට විපක්‍ෂයෙන් එල්ල වුණු චෝදනාවලින් බේරෙන්න සිදුකළේ ශී‍්‍රලනිපය බෙදා වෙන් කිරීමයි. ඒ සඳහා ඔහු ශී‍්‍රලනිප නිර්මාතෲගේ පුතා වන අනුර බණ්ඩාරනායක යොදා ගත්තා. අම්මා පුතා අතර ගැටුම් ඇතිකළා. ශී‍්‍රලනිපයේ දේශපාලන කාර්යාලයට නඩු කිව්වා. එදා ජේ. ආර්ගේ උපක‍්‍රමය වූයේ එයයි. අද රනිල් වික‍්‍රමසිංහගේ උපක‍්‍රමය වී තිබෙන්නේ ශී‍්‍රලනිපය බෙදීමයි. ඒ වෙනුවෙන් තමයි රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් අනුව රාජපක්‍ෂ කල්ලිය වැඩකරමින් තිබෙන්නේ.ඒ එකඟතාවයන්ට අනුව තමයි බැසිල් අත්අඩංගුවට ගත්ත ගමන් රෝහල්ගත කරන්නේ. පාද යාත‍්‍රාවෙන් පසු ප‍්‍රධාන නායකයින්ගේ කථාවල රනිල් වික‍්‍රමසිංහට විවේචන තිබුණේ නැහැ. මොකද, රනිල්ගේ වුවමනාව වෙනුවෙන් තමයි මේ කල්ලිය වැඩකරන්නේ. රනිල්ට රාජපක්‍ෂ කල්ලිය අවශ්‍යයි වගේම රනිල්ට රාජපක්‍ෂ කල්ලිය අවශ්‍යයි. අද අපේ රටේ අශුද්ධම අපකීර්තිමත්ම පිළිකුල්සහගත ඞීල්එක සිදුවෙන්නේ රනිල් වික‍්‍රමසිංහ-රාජපක්‍ෂ අතරයි.

රාජපක්‍ෂ කල්ලිය පා ගමන් ගියේ ආණ්ඩුව පෙරළන්න ගිය ගමනක් ලෙස නොවෙයි. ප‍්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලූත්ගම පැහැදිලිවම කිව්වා අපි මේ ආණ්ඩුව පෙරළන්න යන ගමනක් නෙවෙයි කියලා. මහින්ද රාජපක්‍ෂගේ විනාඩි 14ක කථාව ඔබ අහලා බලන්න. ඔහුගේ ප‍්‍රධාන චෝදනාව තිබුණේ එෆ්.සී.අයි.ඞී.යට, සී.අයි.ඞී.යට අල්ලස් දූෂණ කොමිසමට සහ ජනතා විමුක්ති පෙරමුණටයි. ඒ හැර ඔහුට වෙනත් විවේචනයක් තිබුණේ නැහැ. තාජූඞීන් ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය රාජපක්‍ෂට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු එවීමේ පරීක්‍ෂණ ඇතුළු සියලූම පරීක්‍ෂණ සිදුකරන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවයි. ඒ නිසා ඔහුත් ඔහුගේ කල්ලිය බේරා ගැනීම වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ පොර්තමේන්තුවට ප‍්‍රහාරයක් එල්ල කරනවා.

Related posts

උප්පැන්න,විවාහා සහ මරණ සහතික පිටපත් සීමාවකින් තොරව වලංගුයි.

colombotoday

මිගමුව නියෝජ්‍ය නගරාධිපති තියුණු ආයුධ සමග අත්අඩංගුවට

colombotoday

රුසියානු සබ්මැරීන 2ක් හා යුද නැවක් කොළඹට සේන්දු වෙයි

colombotoday

දේශබන්දු කරූ ජයසූරියට දේශාභිමාන්‍ය සම්මානය පිරිනැමීම අද ජනාධිපති මන්දිරයේදී..

Admin

ගිනි ගත් නෞකාවෙන් පීඩාවට පත් ධීවරයින්ට 5000ක වන්දය අද සිට

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ උඩුමහලින් වැටී මිය යයි !

colombotoday