Colombo Today Local News

ළිඳට බැහැල ගැඹුර දැනගත්තා – දැන් රටටම නොමිළේ WiFi දෙනවා

harin fernandoඔක්තෝබර් මසය වනවිට රට පුරා ස්ථාන 400 ක WiFiපහසුකම් ලබාදීමට සූදානම් බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

දැනට ස්ථාන 255කට ආසන්න ප්‍රමාණයකට WiFi පහසුකම් ලබාදී තිබෙන බවත් පොදුවේ දැනට ක්‍රියාත්මක වන ස්ථානවල පවතින වේගය දෙගුණයකින් ඉහළ දමන බවද අමත්‍යවරයා පවසයි.

ආයතන 05කට WiFi ලබා දීම සදහා භාර දී තිබුණත්, එක් සමගමක් ලබාදෙන සේවාව ලබා ගන්නට වෙනත් සමාගමක සේවාව ලබා ගන්නා ග්‍රාහකයෙකුට නොහැකි වීම නිසා ගැටළු පැණනැගුණු බවත් හෙතෙම පවසයි.

ඇතැමුන් මෙම ව්‍යාපෘතිය විවේචනය කරමින් විවිධ වාර්තා පළ කළ බවත් පැවසුවා. එහිදී, ළිඳට බහින්න එපෙයි ගැඹුර බලන්න. දැන් ප්‍රශ්නය හඳුනා ගත්තා. දැන් සියල්ල සූදානම්. යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

Related posts

ඉල්ලා අස්වූ අබ්දුල් හලීම් හා කබීර් හෂීම් යළි සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දෙති

colombotoday

ගෝලීය සංචරතා දර්ශකයේ දකුණු ආසියාවෙන් මුල් තැන ශ්‍රී ලංකාවට

colombotoday

ඉන්දියානුවන්ට දොර ඇරියොත් රටම අනාථයි – ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානයෙන් නිවේදනයක්

colombotoday

සුනාමි ගම්මානයේ පල්ලියක් අසල වෙඩිතැබීමක්

colombotoday

විභාග ප්‍රතිඵල ලේඛන සනාථ කිරීම අද සිට Online ක්‍රමයට

colombotoday

තර්ජණයට ලක්වූ මහුදු මහා විහාරය, ගරුකන්ද ගැන අගමැතිගේ අවධානය !

colombotoday