Colombo Today Local News

ආපදාවට ලක්වු නෞකාවේ ඇති සියලු ඉන්ධන වර්ගවල සාම්පල ගැනීම අද

ගිනි ගැනීමට ලක්වු “MT New Diamond”නෞකාවේ ඇති සියලු ඉන්ධන වර්ගවල සාම්පල ලබාගැනීම අද (14)දින සිදුකිරීමට නියමිත ව තිබේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ, ඒ සඳහා විශේෂ කණ්ඩායමක් මේ වන විට එම ස්ථානය වෙත යොමුකර ඇති බවය.

ගිනි ගැනීමට ලක්වූ “MT New Diamond”නෞකාව මේ වන විට සංගමන්කන්දට නැගෙනහිරින් මුහුදු සැතපුම් 52කට ආසන්න මුහුදේ ස්ථානගත කර තිබේ.

කිමිඳුම්කරුවන් යොදාගනිමින් නෞකාව නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කිරීමේ කටයුතු සිදුකරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේය.

මේ අතර නීතිපතිවරයා සහ නෞකාවේ ගිනි ගැනීමේ කටයුතු පාලනය කිරීම සඳහා කටයුතු කළ සියලු ආයතනවල ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත ව තිබේ.

ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ වෙළෙඳ නැව් දෙපාර්තමේන්තු ව යන ආයතනවල නිලධාරීන් සහභාගී වීමට නියමිතය.

එම සාකච්ඡාවෙන් අනතුරුව නෞකාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් පැවසුවේය.

Related posts

“ඥාණසාර හිමි අත්අඩංගුවට ගනු“ – මුස්ලිම් මැති ඇමතීන් පොලිස් ප්‍රධානීන් හමුවෙයි

colombotoday

ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට අනතුරු අගවයි

colombotoday

සනත් නිශාන්තට එරෙහිව චෝදනා ගොනු කරන්න නීතිපතිට කල් දෙයි

Admin

ජනපති සහ අගමැති හදිසි සාකච්ඡාවක

colombotoday

ලබන සතියේ පාර්ලිමේන්තු දින 3ක්

Admin