Colombo Today Local News

වී මෙට්‍රික් ටොන් ලක්ෂ හතරකට අධික තොගයක් ගබඩාවල

පොළොන්නරු දිස්ත්‍රික්කයේ පිහිටි මහා පරිමාණ වී මෝල් තුනක හා මධ්‍යම පරිමාණ මෝල් හතරක ඉදිරි මාස 4-8 දක්වා වූ කාලය සඳහා අවශ්‍ය වී මෙට්‍රික් ටොන් ලක්ෂ හතරකට අධික තොගයක් ගබඩා කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ප්‍රධාන වී මෝල් තුනේ දෛනිකව වී කිලෝ ලක්ෂ 18-20ත් අතර ප්‍රමාණයන් සහල් බවට පත් කළ හැකි බව සඳහන් වේ. විශාලතම සහල් මෝල් සංකීර්ණය අයත් ව්‍යාපාරිකයාගේ මෝලේ දෛනිකව වී කිලෝ ලක්ෂ 8-7ත් ප්‍රමාණයක් සහල් බවට පත් කළ හැකි අතර ඔහු මාස පහකට අවශ්‍ය වී තොග රැස් කර ගෙන ඇති බවද වාර්තාවේ. පසුගිය සතියේ පමණක් වී කිලෝ පහළොස් දහසක් (15000) පමණ ධාරිතාවේ පැටවිය හැකි ලොරි පන්සීයකට අධික ප්‍රමාණයකින් වී තොග දෛනිකව වී මෝල වෙත ගෙනැවිත් ඇත.

අනෙක් ව්‍යාපාරිකයා ද දෛනිකව වී කිලෝ ලක්ෂ 6-7ක් අතර ප්‍රමාණයකින් සහල් නිපදවන අතර ඔහුද ඉදිරි මාස හයකට ආසන්න ප්‍රමාණයකට වී තොග රැස් කර ගෙන තිබේ.

කෙටි කාලයකින් සහල් වෙළෙඳපොළේ අධිකාරියක් ලබා ගත් අනෙක් ප්‍රධාන වී මෝල් හිමි අයද දෛනිකව වී කිලෝ ලක්ෂ 5-6 අතර ප්‍රමාණයක් සහල් බවට පත් කරන අතර ඔහුද ඉදිරි මාස අටකට අවශ්‍ය වී තොග රැස් කර ගෙන අවසන් බවටද තොරතුරු වාර්තා වේ. මේ වන විට ඔහුට අයත් ගබඩා සියල්ලම ගබඩා කර අවසන් නිසා සිය වාහන නවතා තබන ගරාජයේද වී තොග ගබඩා කර ඇති බව සඳහන් වේ.

මීට අමතරව දෙනෙිකව වී කිලෝ ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් සහල් බවට පත් කරන මෝල් හතරක් ද ඇති අතර ඔවුනට මාස හතරකට අවශ්‍ය වී තොග රැස් කර ගෙන ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් අදාළ මහා පරිමාණ වී මෝල් මේ දිනවල සහල් බවට පත් කරනු ලබන්නේ පසුගිය යලකන්නයේ ලබාගත් වී තොග බව සඳහන් වේ. විශේෂයෙන් වෙළෙඳපොළේ අදිකම මිලක් සඳහන් වන කීරි සම්බා පසුගිය කන්නයේ රුපියල් හැටකට මිලට ගත් වී වන අතර එම සහල් කිලෝවකින් රුපියල් පනහකට අධික ලාභයක් තබාගන්නා බවත් කුඩා පරිමාණ මෝල් හිමියෝ පවසති.

Related posts

ලෙස්ටර් ජේම්ස් කෞතුකාගාර ව්‍යාපෘතිය පිටුපස රජ ගැහිලි ගැන කෝප් කමිටුවේ අවධානය

colombotoday

පක්ෂ 31ක නියෝජිතයින් සමග හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සාකච්ඡාවක

colombotoday

දෙමළ ජනතාව සතු උතුරේ අක්කර 100ක් නිදහස් කරයි

Admin

උපාධිධාරීන් 50,000කට සහ අඩු ආදායම්ලාභීන් 100,000 කට රැකියා : සේවයට වාර්තා කිරීම සැප්තැම්බර් 01

colombotoday

මහනුවර ගණිකා මඩමක් වටලය. තිදෙනෙක් දැලේ

colombotoday

පැය 24 පුරා කි‍්‍රයාත්මක එස්ටීඑෆ් මෙහෙයුම් මැදිරියක්

colombotoday