Colombo Today Local News

ලෙස්ටර් ජේම්ස් කෞතුකාගාර ව්‍යාපෘතිය පිටුපස රජ ගැහිලි ගැන කෝප් කමිටුවේ අවධානය

සිනමා ඉසිවර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් කෞතුකාගාරයක් හා සිනමා පාසලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) ජාතික චිත්‍රපටි සංස්ථාවේ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.

එම කමිටුව පවසන අන්දමට මෙම කෞතුකාගාරය හා සිනමා පාසල ඉදි කෙරෙන්නේ රුපියල් කෝටි දහයකට වැඩි ඇස්තමේන්තුවක් මතය.

මේ කෞතුකාගාරය සහ සිනමා පාසලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ ඉකුත් 2019 වර්ෂයේ අප්‍රේල් මස 5 වැනිදාය. ඉදිකිරීම් කටයුතු එම වර්ෂයේ ජුලි මස 10 වෙනි දින අවසන් කිරීමට නියමිතව තිබුණද ඒ කටයුතු අතරමග නතර වීම පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමුවී ඇත.

කෝප් කමිටුව කළ විමසුමකදී ජාතික චිත්‍රපට සංස්ථාවේ අභ්‍යන්තර විගණක පවසා ඇත්තේ එම කටයුත්ත සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ බවයි.

එම ඉදිකිරීම්වල පළමු අදියර සඳහා රුපියල් ලක්ෂ 60ක බිල් ඉදිරිපත්වූ බවත් ඉන් ලක්ෂ 40ක බිල්පත් නිරවුල් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවට ප්‍රකාශයක් ලබාදී ඇති සංස්ථාවේ නිලධාරියකු පවසා ඇත්තේ එම ක්‍රියාවලියේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා නිලධාරියකු පත් කර ඇති බවයි.

Related posts

හතර කේන්දරේ පාළු චීවරධාරීන් රට පස්සට ඇද්දා – මංගල සමරවීර

colombotoday

“අළුත් ව්‍යවස්ථාවෙන් අපේ ඉල්ලීම් දිනාගන්නවා.. විග්නේෂ්වරන්ගේ වැඩවලට අපි නෑ“ – TNA

colombotoday

දිස්ත්‍රික්ක 15 ක ඩෙංගු අවදානම ඉහළට

colombotoday

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම්..අවම දඩය ලක්ෂ 5යි

colombotoday

රාජිතට විරුද්දව අධිචෝදනා ගොනු කෙරේ

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදය උලාකන ආණ්ඩුව සහ මාධ්‍ය මර්ධන පනත

Admin