Colombo Today Local News

ප්‍රජාතන්ත්‍රවාදය උලාකන ආණ්ඩුව සහ මාධ්‍ය මර්ධන පනත

වර්තමානයේ සමාජ කතිකාවක් බවට පත්ව ඇති ප්‍රබල මාතෘකාවක් වන විකාශන නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ ජනාධිපති නීතිඥ එක්සත් ජාතික නිදහස් පෙරමුණ මහ ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා මෙසේ අදහස් පල කරයි.

උපුටා ගැනීම,

ජෝන් ස්ටුවර්ට් මිල් මාධ්‍ය නිදහස ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටි අයෙකි. ඔහුගේ “On Liberty” කෘතියේ ඔහු තර්ක කළේ සත්‍යය ලුහුබැඳීම සහ දැනුම වර්ධනය කිරීම සඳහා නිදහස් මාධ්‍යයක් අත්‍යවශ්‍ය බවයි. සෞඛ්‍ය සම්පන්න සමාජයක් සඳහා විවිධ අදහස් සහ මතයන් අවශ්‍ය බවත්ය. ( A strong advocate of freedom of expression, including the freedom of the press. In his work “On Liberty,” he argued that a free press is essential for the pursuit of truth and the development of knowledge. He believed that a diversity of ideas and opinions is necessary for a healthy society)
මේ මොහොත වන විට ලාංකීය සමාජ කතිකාවක් බවට පත්ව ඇති ප්‍රබල මාතෘකාවක් ලෙස විකාශන නියාමන අධිකාරි පනත් කෙටුම්පත හදුන්වාදිය හැකිය. ආණ්ඩුව හිට හැටියේ මෙවැනි පනතක් ගෙන ඒම සදහා සුදානම් වන්නේ කුමක් සදහාද යන්න ඉතාම පැහැදිලිය ඒ අන් කිසිවක් සදහා නොව තමන්ට හිලෑ නොවන නිදහස් ජනමාධ්‍ය මර්ධනය කිරීම සදාහාය. එහි විවාදයක් නැත. තවද ආණ්ඩුව මේ මගින් රජයට අවශ්‍ය ප්‍රවෘත්ති පමණක් මාධ්‍ය මගින් ප්‍රචාරය කරගැනීමටද බලාපොරොත්තු වේ. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව එල්ල කරන මරු පහරක් ලෙස හැදින්විය හැකිය. ආණ්ඩුව ජනතාවට හා රටේ දේශපාලන පක්ෂ සදහා අදහස් ප්‍රකාශ කිරීමට ඇති සියලු මාවත් වසා දමමින් සිටින බව මෙකි මර්ධනකාරී පනත ගෙන ඒම මගින් නැවත නැවතත් තහවුරු වී තිබේ.


ජනාධිපතිවරයා සිය බලය ඍජු සහ වක්‍ර ලෙස යොදා ගනිමින් පළාත් පාලන මැතිවරණය අත්තනෝමතික ලෙස කල් දමා තිබේ. පළාත් සභා මැතිවරණය දැන් වසර පහකට අදික කාලයක් තිස්සේ කල් දමමින් තිබේ.මැතිවරණ ඉල්ලා උද්ඝෝෂණ කරන ඊට ආණ්ඩුව ආරක්ෂක අංශ යොදාගනිමි ඒවාද මර්දනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට සියුම් ඉඩක් හෝ නොතබමිනි.නියමිත කාලයට අනෙකුත් මැතිවරණ මේ තත්වය තුල බලාපොරොත්තු විය හැකිද ? ඒ සම්බන්දයෙන් අපට කිසිදු විශ්වාසයක් තැබිය නොහැක.ආණ්ඩුව මේ ගමන් කරමින් සිටින්නේ වියරු ඒකාධිපති වාදයක් කරා බව අපි දැඩිව අවධාරණය කරන්නෙමු. එකී අවලස්සන අශිලාචාර මුග්ධ පාලනය අවසානයේ රටත් ජනතාවත් රැගෙන යන්නේ ගෝත්‍රික සමාජයක් වෙත බව නම් පැහැදිලිය. රටක් සමාජයක් ගමන් කල යුත්තේ ඉදිරියට මිස ආපස්සට නොවන බව මේ ආණ්ඩුව තේරුම් ගත යුතුව ඇත.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (UDHR) ලෙස පොදුවේ හඳුන්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධ විධිවිධාන අඩංගු වේ. එය නීත්‍යානුකූලව බැඳී නැතත්, UDHR ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් සඳහා පදනම් ලේඛනයක් ලෙස සැලකේ.එහි 19 වැනි වගන්තියේ මෙසේ දැක්වේ.”Everyone has the right to freedom of opinion and expression; this right includes freedom to hold opinions without interference and to seek, receive and impart information and ideas through any media and regardless of frontiers.”සාපරාධී අපරාධ නීතිය ඉවත් කිරීම මඟින් මාධ්‍ය නිදහසට තවත් ඉදිරි පියවරක් තැබීමට ශ්‍රී ලංකාව කටයුතු කොට තිබේ. මෙවැනි තත්වයක් තුල වර්තමාන ආණ්ඩුව කඩිමුඩියේ විකාශන නියාමන අධිකාරි පනතක් හදුන්වාදීමට යන්නේ පැහැදිලිවම මෙරට නිදහස් මාධ්‍ය මර්ධනය කිරීමට බව ඉතාම පැහැදිලිය.

අවසන් වශයෙන් කිව යුත්තේ වර්තමාන ආණ්ඩුව ස්වාධින ආයතන සියල්ලම දේශපාලනීකරණය කොට ඇති බවයි. ඊට හොදම උදාහරණය නිමල් පුංචි හේවා ප්‍රමුඛ මැතිවරණ කොමිසන් සභාවයි. ඔවුන් ආණ්ඩුව සමග එක්ව පුරවැසියන්ගේ ඡන්ද අයිතිය මහ දවාලේ මංකොල්ල කෑ බව රටටම පෙනුනි. ඒ නිසා මේ ආණ්ඩුව කියන ස්වාධින බවක් ඔය විකාශන අධිකාරියෙන් අපට කිසිවිටක බලාපොරොත්තු විය හැකි නොවේ. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) වැනි වෙනත් ප්‍රඥප්තීන් සියල්ලට පිටුපා කටයුතු කරන ආණ්ඩුවකින් අපට මාධ්‍ය නිදහස කිසිවිටකවත් බලාපොරොත්තු විය හැකි නොවේ. එකී අයිතීන් කොල්ලකෑමට එරෙහිව අපි ගත හැකි සියලු ක්‍රියා මාර්ග පුරවැසියන් ලෙස ගත යුතුය. ආණ්ඩුවේ සුරංගනා කතා විශ්වාස නොකළ යුතුය.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
මහ ලේකම් -එක්සත් ජාතික නිදහස් පෙරමුණ

උපුටා ගැනීම අවසන්.

Related posts

LTTE ය තවදුරටත් සක්‍රීයයි… ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමරිකාව නම් කරයි…

colombotoday

මඩොල්සිම පුංචි ලෝකාන්තයේදි මාධ්‍යවේදියෙක් අතුරුදන්

colombotoday

විල්පත්තුවේ අනවසර ඉදිකරීම් නවතන්න ගොණුකල පෙත්සමට අධිකරණය ඊයේ දුන් නියෝගය

colombotoday

චීන සහ ඉන්දියානු විදෙස් ශ්‍රමිකයන් 25,000කට මෙරට වීසා !

colombotoday

අම්මයි අනියම් සැමියයි ගැබිනි බිරියයි අවුරුදු 7ක දැරිය පණ පිටින් වළලලා

colombotoday

පාන් මිළ රු 5කින් පහළට !

colombotoday