Colombo Today Local News

විල්පත්තුවේ අනවසර ඉදිකරීම් නවතන්න ගොණුකල පෙත්සමට අධිකරණය ඊයේ දුන් නියෝගය

විල්පත්තු රක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම නැවත විභාගයට ගැනීම ලබන ජූනි 05 වැනි දිනට කල් තැබීමට අභියාචනාධිකරණය ඊයේ (08) නියෝග කළේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න මහත්වරුන් හමුවේ කැඳවූ අතර එහිදී එම විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දෙන ලදී.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නම දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එලිපෙහෙළි කිරීම් නිසා එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.

පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් නීතීඥ රවිනද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.

Related posts

ගෘහස්ත ගෑස් මිල සංශෝධනය වෙයි

colombotoday

ඔක්තෝබර් මසයේ රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට

Admin

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් පට්ටම ගලවන ගැසට් නිවේදනය අත ළගයි….

colombotoday

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday

පොහොට්ටු ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්‍රි ට විරුද්ධව CID පැමිණිල්ලක්

colombotoday

රු.කොටි 9 ක සැප වාහනයට මන්ත්‍රී බද්ද රු.1050 යි – සාමාන්‍ය වාහනයක බද්ද ලක්‍ෂ 20ට වඩා වැඩියි

colombotoday