Colombo Today Local News

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් පට්ටම ගලවන ගැසට් නිවේදනය අත ළගයි….

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ “ෆීල්ඩ් මාර්ෂල්” නාමය ඉවත් කිරීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති සිරිසේන සූදානම් වන බවට පුවත් පළවෙමින් තිබේ.

ජනාධිපතිවරයා සහ සරත් ෆොන්සේකා මහතා අතර ඇතිව තිබෙන පෞද්ගලික ආරෝව, ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්දයෙන් ෆෝනසේකා මහතාගෙද නම කියවී තිබීමත් මෙයට හේතුවී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එසේම එළඹෙන සතිය තුළ අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමේ සූදානමක් ඇති බවත් වාර්තා වෙයි.

මීට පෙර සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාගේ “ෆීල්ඩ් මාර්ෂල්” නාමය ඉවත්කරන බවට ජනාධිපති සිරිසේන එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සමඟ පවසා ඇති බවටද වාර්තා පළවිය.

Related posts

ත්‍රෛනිකායික මහා නාහිමිවරු හදිසියේ රැස්වෙති !

colombotoday

පිටරටින් ගේන කිරිපිටිවල අඩංගු දෑ සොයන්න අපට හැකියාවක් නෑ – පාරිභෝගික අධිකාරිය

colombotoday

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක් !

colombotoday

පරිප්පු, හාල්මැස්සන් කාලා හමාරයි.. පාලන මිලට අලෙවිය පාඩුයි, ආනයනය නවතී.. හිඟයක් අතළඟයි !

colombotoday

ජනබලය 5 වැනිදා කොළඹට

colombotoday

22ට එරෙහි පෙත්සම් නවයේ විභාගය අවසන්…තීන්දුව කතානායකට

colombotoday