Colombo Today Local News

පාන් මිළ රු 5කින් පහළට !

ජය ලබා දී තිබෙන බදු සහනය හා තිරිඟු පිටි මිල අඩු වීම නිසා හෙට (26දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 5කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

මීට අමතරව බනිස් ඇතුළු කෙටි ආහාරවල මිල 8%කින් අඩු කරන ලෙසට සියලුම බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද, එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 90 සිට රුපියල් 75ත් – 78ත් දක්වා අඩු වී තිබෙන බවත්, බේකරි නිෂ්පාදන මත යොදා තිබූ 17%ක බදු මුදල රජය ඉවත් කර තිබෙන බවද අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

මේ අනුව රුපියල් 65කට අලෙවි වූ පාන් ගෙඩියක මිල ලබන 27 වැනි දින සිට රුපියල් 60ක් දක්වා අඩුවේ.

Related posts

IMF කොන්දේසි පාර්ලිමේන්තුවට ලබාදෙන්න – විපක්ෂ නායක

Admin

ෆොන්සේකා ජනපතිගෙන් සමාව ගනී… කැබිනට් ඇමතිකම නූලෙන් බේරෙයි…

colombotoday

මංගල ප්‍රතිත්‍රස්ත පනත ගෙනආවේ කොටි ඩයස්පොරාවේ උවමනාවටයි..

colombotoday

සහරාන්ගේ සමීපතමයෙකු කටුපොත දී කොටුවෙයි.

colombotoday

මංගලගේ යෝජනාවට රවීගෙන් විරෝධය… කැබිනට් හමුවේ ගාලගෝට්ටියක්….

colombotoday

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් වහලට නැඟ විරෝධයක

colombotoday