Colombo Today Local News

මංගල ප්‍රතිත්‍රස්ත පනත ගෙනආවේ කොටි ඩයස්පොරාවේ උවමනාවටයි..

ඩයස් පෝරාව ඇතුළු බලවේග වල වුවමනාව මත මංගල සමරවීර ඇතුළු කිහිපදෙනෙකුට ප්‍රති ත්‍රස්ත පනත ගෙන ඒමේ අවශ්‍යතාවයක් ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

අද (05) වත්තේගම පැවැති ජනහමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙවැනි පනතකට අත එසවිය හැක්කේ ඩයස්පෝරාවේ රූකඩ ලෙස කටයුතු කරන දේශපාලනඥයින්ට පමණක් බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉවහල් වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බවත් කිසි ලෙසකින් පරාජය කළ නොහැකි බවට ජත්‍යන්තරය පවා ප්‍රකාශ කර තිබියදී තිස් වසරක සාපයෙන් රට මුදා ගනිමින් කළ කටයුත්තේ කිසිඳු වරදක් තමන් නොදකින බවත් අමාත්‍යවරයා කීය.  

අන්තාවාදී කණ්ඩායම් වල බලපෑමකින් තොරව රට ඉදිරියට ගෙන යෑම පිණිස පාර්ලිමේන්තු මැතිවරණයේදී හොඳ තීරණයක් ගන්නා ලෙස තමන් නිතර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම හේතූ නිසා බවත් ඇමැතිවරයා පැවසුවේය.

Related posts

යාපනයේ නාවික සෙබලුන් 51කට කොරෝනා

colombotoday

විමල්ට ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday

කරූ ජයසූරිය පාර්ලිමේන්තුව මාළු කඩයක් බවට පත් කළා – මහින්ද අමරවීර

colombotoday

හෙද වෘත්තිය සමිති වර්ජනය දෙවන දිනටත් ක්‍රියාත්මකයි

colombotoday

“හොරා” කීවාට රවීගෙන් ගම්මන්පිලට නඩු

colombotoday

පසුගියදා කැබිනෙට්ටුවෙ තිබුණ නාට්‍ය මරේ මරු

colombotoday