Colombo Today Local News

දෙමළ ජනතාව සතු උතුරේ අක්කර 100ක් නිදහස් කරයි

උතුරේ ආරක්ෂක අංශ මෙතෙක් පරිහරණය කළ දෙමළ ජනතාව සතු පෞද්ගලික ඉඩම් ලෙස හදුනාගත් අක්කර 100ක ඉඩම් ප්‍රමාණයක් එම ජනතාව වෙත පවරා දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජනපති ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.

උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ආරක්ෂක අංශ පරිහරණය කරන ඔවුන්ගේ පෞද්ලික ඉඩම් යළි ඔවුන්ට පවරා දෙන ලෙසය. හදුනාගත් එම ඉඩම්වල පවත්වාගෙන ගිය කඳවුරු වෙනත් ස්ථානවල ස්ථාපිත කොට එම ඉඩම්වල පෙර හිමිකරුවන් වෙත ඒවා පැවරීමට සාගල රත්නායක උපදෙස් දී තිබේ.

දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මෙම ඉඩම්වල අයිතිය එම ජනතාව වෙත පැවරීමට නියමිතය. පෙබරවාරි මස 11 දාට පෙර මෙම ඉඩම් ජනතාව වෙත මුදා හරින ලෙස ද සාගල රත්නායක උපදෙස් දී ඇත.

මෙරට 75 වැනි නිදහසට සමගාමීව මෙම ඉඩම් මුදා හැරෙන අතර දෙමළ ජනතාව අතර සංහිදියාව වර්ධනය කිරීම වෙනුවෙන් තවදුරටත් ඔවුන් සතු ඉඩම් ඇතිනම් ඒවාද නීත්‍යානූකූල තත්ත්වය සොයා බලා පවරාදීමට කටයුතු කරන බව සාගල රත්නායක පවසයි.

Related posts

කඩුවෙල ප්‍රදේශයේ කාන්තාවකටද කොරෝනා

colombotoday

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

colombotoday

මේ මස අවසානයට පෙර උ/නැගෙනහිර හමුදා කදවුරු 33ක් ඉවත් කිරීමට සූදානම්…. කදවුරු ඉවත් කිරීම සහ විජයකලාගේ කොටි නැගිටවීම අතර සම්බන්ධයක් ?

colombotoday

වාහන ආනයනයට රජයෙන් සම්බාධක පනවයි… සියළු වාහන මිල ලක්ෂ 2-3කින් ඉහළට..

colombotoday

අත්අඩංගුවට ගන්න හොයද්දී ලෙඩ වූ රාජිත සුව වී ගෙදර යයි…

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1858 ක් දක්වා ඉහළට

colombotoday