Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට වැඩමුළුවක්

09 වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් සඳහා දෙදින වැඩමුළුවක් අද (25)දින සහ හෙට (26)දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 9.00ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුවේ සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතය.

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වි සිටින සියලු මන්ත්‍රීවරුන්ට මෙම දෙදින වැඩමුළුව සඳහා ආරාධනා කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේය.

මෙහිදි පාර්ලිමේන්තු කටයුතු, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතව තිබේ.

විශේෂයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳව මෙහිදි මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Related posts

26 හැවිරිදි කාන්තාවක් කාමරයක් තුලදී ඝාතනය කරයි

Admin

අද එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

දොස්තරලා අද වැඩ වර්ජණයේ

colombotoday

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව උත්තරීතර මහනායක මාහිමිපාණන් වහන්සේ !

colombotoday

කොළඹ ගම්පහ කලුතර අවධානම් කළාප වෙයි – නැවත දැනුම් දෙන තුරු ඇඳරි නීතිය. – අත්‍යවශ්‍ය ආහාර නිවෙස්වලටම

colombotoday

නාමයෝජනා දී, ජනතාව අතරට ගිය ගෝඨාභය

colombotoday