Colombo Today Local News

පෞද්ගලික අංශය හරහා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිවේ

වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යැම වැළැක්‌වීම සඳහා පෞද්ගලික අංශය හරහා සහල් ආනයනය කිරීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත.

ආනයනික සහල් තොග ආරක්‍ෂිත තොගයක්‌ ලෙස ගුදම්වල ගබඩා කිරීමටත් ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය හිමිවී ඇත. වෙළෙඳපොළෙහි සහල් මිල පාලනය කිරීමට හැකි පරිදි එම සහල් ක්‍රමානුකූලව වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා විසින් මීට අදාළ සංදේශය ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇත.

මේ අතර සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පසුගියදා ප්‍රකාශ කර තිබුණේ, රට තුළ හාල් හිගයක් නොමැති බවයි. මහා පරිමාණ හාල් මෝල් හිමියන් විසින් හාල් හිගයක් මවා පා කුඩා පරිමාණ මෝල් හිමියන් වට්ටවා පාරිභෝගිකයන් සූරාකෑමේ නිරතව සිටින බවයි.

මීට සහල් ආනයේදී සිදුවූ බරපතල වංචාවක් පිළිබදව අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ. සහල් මෙට්‍රික් ටොන් 225,000ක් ඉන්දියාවෙන් ආනයනය කොට සතොස ජාලය හරහා බෙදා නොහැර ඒවා අඩු මිලට පෞද්ගලික වෙළෙඳුන් අතට පත් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.

මෙම සහල් වෙළෙඳ‍පොළට නිකුත් නොකොට මිනිස් පරිභෝජනයට නුසුදුසු වන තත්ත්වයට පත් වන්නට ඉඩහැර සත්ත්ව ආහාර ලෙස පෞද්ගලික අංශයට අඩු මිලට විකිණීමට කටයුතු කර ඇති බවටද වාර්තා වේ. ඒ අනුව එම සහල් යළි සකසා ඇසුරුම් ගත කොට මෙරට හා විදේශ රටවලට ආනයනය කිරීමටද කටයුතු කර ඇතැයිද මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඇති තරම් වී තිබියදී රටින් හාල් ගෙන්වන්න සැලසුමක්.. සුපිරි ගැහිල්ලකට සැරසේ !

බදියුදීන්ගේ මල්ලී රටටම වස කවයි. පරිභෝජනයට නුසුදුසු සහල් මහ තොගයක් හොර පාරෙන් වෙළදපොලට

සහල් මගඩියට සම්බන්ධ කැබිනට් ඇමති FCID දක්කයි ?

Related posts

ලීක් වුණ හඩ පට මධ්‍ය මගින් ප්‍රචාරය නවතන්නැයි ඉල්ලා රන්ජන් උසාවි යයි !

colombotoday

දේශපාලන වාසිය වෙනුවෙන් තොණ්ඩමන්ගේ මරණය විකුණන් කෑවා

colombotoday

දේශපාලන වාසි ලබා ගැනීමේ පහත් වැඩපිළිවෙලක නිරත වන විපක්ෂය රටවිරුවන් නොසලකා හරින බව කියයි- නිමල් ලාන්සා

colombotoday

උත්තරපත්‍ර ඇගයීම් ගාස්තු සංශෝධනය කෙරේ

colombotoday

20ට එරෙහි පෙත්සම් සලකා බැලීම් අදින් අවසන්

colombotoday

ජගත් ජයසූරිය ගැන ෆොන්සේකාගේ මතය අගමැති රනිල් අනුමත කරයි !!

colombotoday